මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී වරද පිළිගනී..
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ එක් චෝදනාවකට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
2023 වසරේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේදී (Marine Drive) සිදුවූ මෙම රිය අනතුරට අදාළව, 'රිය අනතුරක් වළක්වා නොගැනීම' යන පළමු චෝදනාවට ඔහු මෙලෙස වරද පිළිගන්නා ලදී. ඒ අනුව, ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය විසින් ඔහුට රුපියල් 2,500ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළාය.
රවී සෙනෙවිරත්න මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරුන් වන චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහ අජිත් නන්දකුමාර යන මහත්වරුන් විසින්, සිය සේවාදායකයා අදාළ පළමු චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දෙන ලදී.
පළමු චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට මෙන්ම, නඩුවේ දෙවන සහ තෙවන චෝදනා වන 'අපරීක්ෂාකාරීව රිය පැදවීම' සහ 'බීමත්ව රිය පැදවීම' යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මෙම නඩුව අද (9) දින කැඳවා තිබුණි.
කෙසේ වෙතත්, එම ඉතිරි චෝදනා (දෙවන සහ තෙවන) සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහ අද දින නියම කරන ලද රුපියල් 2,500ක දඩ මුදල ගෙවීම සඳහා මෙම නඩුව ලබන අගෝස්තු මස 20 වැනිදා යළි කැඳවීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි