News Category
From Date
To Date
Maximum Number of Result

චීනය බෝයිං සමාගමෙන් ගුවන් යානා 200ක් මිලදී ගැනීමට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාවට පැවසූ අතර, එම සංඛ්‍යාව විශ්ලේෂකයින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වීම හේතුවෙන් සමාගමේ කොටස් අගය පහත වැටී තිබේ.

මේ වසර අගදී ප්‍රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත පැමිණෙනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්‍ෂා කරති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය මේ ආණ්ඩුව උල්ලංඝණය කර අවසන් බවත්, ලංකාව බුදුන් වහන්සේ තුන් වතාවක් වැඩම කළ එකම රට මේ රට බවත්, මෙරට සිටි රාජ්‍ය පාලකයන් නවවන වතාවක් මේ රට ශාසනයට පූජා කළ බවත් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

'ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යභාරය' යන මැයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් අද සවස 3 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශාල ඉඩක් ලබාදී ඇති බවත්, නඩු තීන්දු පිළිබඳව සහ ඒවා විනිශ්චය කරන විනිශ්චකාරවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධව අද විධායකය විශාල බලපෑමක් සිදුකරමින් ඇති බව පැහැදිලි වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී මෙරට නිපදවිය හැකි භාණ්ඩවර්ග 1482ක ආනයන සීමාකළ බවත්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට, ගොවීන්ට පණදීමේ උපායමාර්ගික තීන්දුව ඔහු විසින් ගත් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

හිමිකරුවකු නොමැති මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුළු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා විරෝධතාවෙහි නිරත වූයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කණ්ඩායම බව චරිත් අබේසිංහ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීමට තීරණය කරන්නේ ආර්ථික අර්බුදය නිසා නොවන බවත්, 2019 දී රැන්වැලි මහ සෑ සලපතල මළුව මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දිවුරුම්දීමේ දීම සිදුවූ මොහොතේම ගෝඨාභය පාලනය අවසන් කළ යුතු යැයි අවශ්‍ය ප්‍රද්ගලයන් තීන්දුකර තිබූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

අරගලයේදී ගාලු මුවදොර ප්‍රකාශය නමින් ප්‍රකාශයක් එලිදැක්වූ බවත්, එය අරගලයේ පීතෘවරුන්ගේ ප්‍රධානතම සැලසුම නොහොත් ප්ලෑන් A එක බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ජනාධිපතිවරයකු පත්කිරීම එම සැලසුම වූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.