සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එයට වගකිවයුතුයි.. - ජාතික සංවිධාන එකමුතුව
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට අවධාරණය කරයි.
"සලේට යුක්තිය - සංවාද මණ්ඩපය" නමින් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බවය.
එහිදී අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ වසන්ත බණ්ඩාර මහතා,
"දැන් එතුමා අසනීපෙන් ඉද්දි මේ දෙන වධ බන්ධන දීලා, එතුමා මිය ගියොත් එහෙම මේ රටේ ජනතාවගෙන් ඒකට සමාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ආණ්ඩුවට බල කරලා කියනවා විසිඅටවෙනිදට පෑන අතට ගන්න ලෑස්ති එපා. අනුර දිසානායක ජනාධිපතිතුමා වහාම මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන. මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන ඔහුව නිදහස් කරන්න කියන ඉල්ලීම අපි කරනවා."
එහිදී අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුව සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පැවසුවේ සුරේෂ් සලේ මහතා සිදුකළ නීති විරෝධී කටයුත්ත කුමක්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති අතර අත්අඩංගුවට ගැනීමට ද කිසිදු පදනමක් නොමැති බවය.
එමෙන්ම සිදුකර ඇත්තේ පදනම් විරහිතව රැඳවුම් නියෝගය නිකුත් කිරීමක් බවද ඒ මහතා පෙන්වා දෙයි.
එහිදී අදහස් දැක්වූ සර්වජන බලයේ උපසභාපති අනුරාධා යහම්පත් මහත්මිය,
"දැන් මාස හයක් ඔහු අත්අඩංගුවේ රැඳී සිටිනවා. ඔහු ඉතාමත්ම රෝගාතුර තත්ත්වයක සිටින්නේ. ඔහුව රෝගාතුර තත්වයකට එනකං ඔහුට ඉතාමත්ම කෲර ලෙස සැලකූ බවත් අපි දන්නවා. ඊළඟට විසිඅටවෙනිදා වෙනකොට තුන්වෙනි වරටත් ඔහුට බඳවා ගැනීමේ නියෝගය තවදුරටත් තිබෙනවාද නැද්ද කියන දේ, ජනාධිපතිතුමා තවදුරටත් රණවිරුවාගෙන් පළිගන්නා බවට ජනතාවට පෙන්වා දෙනවාද? එහෙම වුවොත් ජනතාවට ඔහුට වග කියන්නට සිදුවෙනවා. මොකද ජනතාවත් දැන් අවබෝධ කරගෙන තියෙන්නේ මේ රණවිරු පළිගැනීමක්ය කියන එක."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..