සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනෝමතිකව.. කිසිදු වාර්තාවක හෝ සාක්ෂියක ඔහුගේ නම නෑ.. – නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයන් රැසක්..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවත්, ඒ සඳහා කිසිදු නෛතික හෝ සාක්ෂිමය පදනමක් නොමැති බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පැවසීය.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා සඳහන් කළේ, ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන දින 11ක් ගතවන තුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඔහුගෙන් නිසි ලෙස ප්‍රශ්න කිරීමක් පවා සිදුකර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා මෙසේද පැවසීය,
"ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන්, ජෙනරාල් සුරේෂ් සලේව රඳවා තබා ගැනීම ගැන ගොඩක් අය කතා කරන්නේ විමර්ශනයක් කරන්න. විමර්ශනයට අපි මැදිහත් වෙන්නේ නැහැ. 'මේ විමර්ශනය කිරීමට අපිට ප්‍රශ්නයක් නැහැ, අධිකරණමය විමර්ශනයක් කරන්න' කියන කතාව. නමුත් මම අධිකරණ කාර්යයට මැදිහත් වෙච්ච කෙනෙක් හැටියට ඉතාම පැහැදිලි කාරණා දෙකක් කියනවා. අපි දන්නවා ජෙනරාල් සලේව අධිකරණය විසින් නෙමෙයි රඳවලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගත්තේ ශානි අබේසේකර මහත්තයාගේ තනි තීන්දුවක් උඩ, 2026 පෙබරවාරි 25 වෙනිදා අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට අරගෙන ඉතාම කෙටි කාලයක් තුළ, පැය 72ක රැඳවුම් නියෝගයක් ගැහුවා. රැඳවුම් නියෝගය ආරක්ෂක අමාත්‍යවරයා, අතිගරු ජනාධිපතිතුමා ගැහුවේ. ඊට පස්සේ දින 90ක රැඳවුම් නියෝගයක් ගැහුවා අතිගරු ජනාධිපතිතුමා. ඒ ආකාරයේ රැඳවුම් නියෝග දෙකක් ගැහුවා, අතිගරු ජනාධිපතිතුමා දෙකම ගැහුවේ. ඔබතුමා මේ කරුණ ගැන මීට වැඩි අවධානයෙන් සිටින්න ඕනේ. දැන් ඒ නිසා මේක 28 වෙනිදා තුන්වෙනි රැඳවුම් නියෝගයට යනවා නම්, අතිගරු ජනාධිපතිතුමනි, මෙතැන් සිට කියන කරුණු සියල්ල විමර්ශනය කරලා අවධානය යොමු කරන්න.
අපි කිව්වා ජාත්‍යන්තර වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල විමර්ශන ගානක් තිබුණා. ඒ විමර්ශන සියල්ල මම කියන්න යන්නේ නැහැ. ඉන්දියාව මේක ගැන විමර්ශනයක් කෙරුවා, 'රෝ' (RAW) සංවිධානය. මාලදිවයිනෙන්, ආරක්ෂක අංශයෙන් විමර්ශනයක් කෙරුවා. FBI එකෙන් කෙරුවා. ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් එක කෙරුවා. එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් එක කෙරුවා. මේ සියල්ල මැද්දේ අතිශය වැදගත් වෙන්නේ FBI එකයි, ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් එකයි, එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් එකයි කරපු විමර්ශන. ඔවුන් විමර්ශන දෙකක් කරලා තියෙනවා. එකක් Evidence Analysis එක. දෙවෙනි එක මේ ප්‍රහාරය සඳහා භාවිතා කරපු Explosive Device සම්බන්ධයෙන් කරපු විමර්ශනය.
අතිගරු ජනාධිපතිතුමනි, ,කරුණා කරලා විදේශ විද්‍යාඥයෝ ගෙන්නලා මේ ටික පරීක්ෂා කරන්න. ලංකාවේ එදා මෙදා තුර පාවිච්චි කරපු සියලුම ඇප්ස්, ඩිජිටල් ඇප්ස් සම්බන්ධ විමර්ශනයක් ඇමෙරිකාවත්, ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිසියත් කරලා තියෙනවා. ඇමරිකාවේ FBI එකත් ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා මේවා ලංකාව තුළ වෙච්ච ඒවා නෙමෙයි, මේවා ISIS සංවිධානය පාවිච්චි කරපු ඒවා කියලා. ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය උපකරණ පාවිච්චි කෙරුවා, හමුදාව උපකරණ පාවිච්චි කෙරුවා, තවත් සන්නද්ධ සංවිධාන කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. ඔවුන් පාවිච්චි කරපු උපරිම දේවල් RDX, C-4 සහ TNT. හැබැයි මෙතනදී පාවිච්චි වෙලා තියෙන්නේ TATP (Triacetone Triperoxide) සහ ඒකට පාවිච්චි කරපු ලික්විඩ් එක තමයි ඉතාම බලවත් Liquid Precursor කියන වර්ගය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ඒ වෙද්දී, 2019 වෙද්දී ලෝකයේ පාවිච්චි කරලා තිබුණේ ISIS සංවිධානය. ඒ නිසා තමයි FBI එකත්, ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් එකත් පැහැදිලිවම කිව්වේ මේ ප්‍රහාරය ISIS සංවිධානයට සම්බන්ධිත, එයින් තොරතුරු සහ දැනුම ලබාගෙන කරපු, ඒකට සම්බන්ධ ආයතනයක් විසින් කරපු එකක් කියලා.
ආයතනය වෙන කවුරුවත් නෙමෙයි, සහරාන්ගේ නායකත්වය දීපු තව්හිත් ජමාත් සංවිධානය. මේ කරුණ නොසලකා හැරලා, ඔබතුමාට අධිකරණ කරුණු වලට මැදිහත් වීමවත්, Detention Orders ගැහීමවත්, මේ ඉන්න හමුදා නිලධාරියාට විරුද්ධව පියවර ගන්නවත් බැහැ. කරුණා කරලා ඒ වාර්තාව ගෙන්නලා, රාජ් පටේල් ඇමෙරිකානු අධිකරණයට ඉදිරිපත් කරපු සාක්ෂි විශ්ලේෂණය බලන්න. එතකොට ඔබතුමාට ඒ කතන්දරය අඳුර ගන්න පුළුවන්.
දෙවෙනි කාරණය, ඔබතුමා මේ රටේ රාජ්‍ය නායකයා, ප්‍රධානියා. කරුණා කරලා විජිත් මලල්ගොඩ වාර්තාව ගන්න. 2019 ජූනි 10 වෙනිදා පත් කෙරුවේ, උතුම් වූ විනිසුරු විජිත් මලල්ගොඩ මැතිතුමා ප්‍රමුඛ විමර්ශන කමිටුව දුන්නේ 2019.10.23 විමර්ශන 24ක් දීලා තියෙනවා. ඒකේ අවසානයේ කියලා තියෙනවා 'මේ අපි හොයපු මාස කීපයක් තුළ කරන දේට අමතරව වෙනත් කුමන හෝ අදෘශ්‍යමාන හස්තයක් තියෙනවා නම් ඒකත් හොයා බලන්න' කියලා තියෙනවා.
ඒකෙන් පස්සේ පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටිය පත් කෙරුවා. ඒ පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටුවට දීපු සාක්ෂි, ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළුව හමුදා ප්‍රධානීන්, හමුදා බුද්ධි අංශ, ජාතික බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ සියලු දෙනා දීපු ප්‍රකාශ දැක්කා. ඒකේ අවසානයේ ඔවුන් කියනවා 'යළි මෙවන් සිදුවීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවීම වැළැක්වීමට මෙන්න මේවා නිර්දේශ කරනවා' කියලා.
අතිගරු ජනාධිපතිතුමනි, මේ ඉහත කියපු එකම වාර්තාවක්වත් ඇතුළේ ජෙනරාල් සුරේෂ් සලේගේ නම කියවෙන්නේ නැහැ විතරක් නෙමෙයි, 'සු' යන්නවත් කියවෙන්නේ නැහැ. මේක එසේ මෙසේ සිද්ධියක් නෙමෙයි. රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා අප්‍රමාණ කැපවීමක් කරපු හමුදා නිලධාරියෙක් හිරගත කරලා, හයයි හතරේ කූඩුවක දාලා තියන් ඉන්නකන් මේ රටේ ජනතාව බලන් ඉඳියි කියලා ඔබතුමා හිතනවාද? ඒක වෙන්නේ නැහැ. මිනිස්සු නිහඬව ඉන්නේ නැහැ.
ඊට පස්සේ අර විජිත් මලල්ගොඩ උතුම් විනිසුරුතුමාගේ වාර්තාවෙන් පස්සේ ජනක් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ උතුම් වූ විනිසුරුතුමා යටතේ ජනාධිපති විමර්ශන කොමිසම පත් කෙරුවා. ඒකේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් හිටියා, මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් හිටියා, උතුම් වූ නායකත්වය දැරුවේ ජනක් ද සිල්වා විනිසුරුතුමා. මේක එසේ මෙසේ වාර්තාවක් නෙමෙයි. මෙතෙක් ලංකාවේ තිබිච්ච ජනාධිපති විමර්ශන වාර්තා එකක් හැටියට ගත්තොත් විශාලතම විමර්ශනය කරපු එක. ප්‍රකාශ 1,580ක් සලකා බැලුවා. සාක්ෂිකරුවන් 457 දෙනෙකුගේ Verbal Evidence ගත්තා. නඩු භාණ්ඩ 277ක් - ඔය පුපුරන ද්‍රව්‍ය වලට අදාළ සියල්ල විමර්ශනය කෙරුවා. සාක්ෂි සටහන් ප්‍රමාණය 30,000ක්. කියවන්න බැහැ, ලේසි නැහැ. මේ සියල්ල මැද්දේ පුද්ගලයෝ දහ දෙනෙක්ට නඩු පවරන්න කිව්වා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට, ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු දහ දෙනෙක්ට. ඕකේ කිසිම තැනක එකම සාක්ෂිකරුවෙක්වත් ජෙනරාල් සුරේෂ් සලේ ගැන එක වචනයක් කියලා නැහැ. එක ප්‍රකාශයක්වත් නැහැ. ඒක සාක්ෂියක් ඇතුළේවත් නැහැ. කරුණා කරලා අතිගරු ජනාධිපතිතුමනි, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙනවා. කරුණා කරලා ඒ ටික කියවලා ඉවර වෙලා ඔය ඊළඟ අත්සන ගහන්න ලෑස්ති වෙන්න.
ඊළඟට අපි ඊළඟට වැදගත් වෙන කාරණය බුද්ධි තොරතුරු සම්බන්ධයෙන්. මොකද මේ ගොඩක් අයට අමතක වෙලා තියෙනවා ජෙනරාල් සලේ ඓතිහාසික කාර්යය යුද්ධය ඉවර කරන්න කෙරුවා. එතුමා එතුමාගේ කෝස් එකේ, 37 Batch එක, 37 දියතලාවේ. ඒකේ හිටපු Red Ribbon එක දිනුවේ. ඉන්ටර්නැෂනල් සම්බන්ධයෙන් සහ එහෙ හිටපු භාෂා හැකියාව පිළිබඳව අති විශිෂ්ටයෙක්. අතිගරු මහින්ද රාජපක්ෂ - අපි දේශපාලනය නෙමෙයි මේ කතා කරන්නේ - අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එතුමාව ඉතාම සුවිශේෂ කාරණයකට පාවිච්චි කෙරුවා. 2006 ඉඳලා 2009 අවසාන වෙනකන් යුරෝපයේ ක්‍රියාත්මක වෙච්ච එල්.ටී.ටී.ඊ. ජාලය අවසාන කරන්න. ඒ සඳහා වන ක්‍රියාන්විතය මෙහෙයෙව්වේ ජෙනරාල් සලේ. එයා හිටියේ ප්‍රංශයේ පැරිස්වල. ප්‍රංශයේ හිටපු ශ්‍රී ලාංකික ජාතිකයන් මට කතා කරලා කිව්වා මේ ටික කියන්න කියලා. හැබැයි ජෙනරාල් සලේගේ බිරිඳත්, ළමයි දෙන්නත්, අම්මත් කිව්වා 'ඒ ටික කියන්න එපා, තවත් හිර කරයි' කියලා. නමුත් මේ පුද්ගලයාව නිදහස් කරගන්න ඕනේ, ඒ නිසා මම ඒ ටික කියනවා.
ඊළඟට මේ බුද්ධි අංශ සම්බන්ධයෙන් විමර්ශනයක් පත් කෙරුවා ජනාධිපති කොමිසමක්. බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය හා ආනුෂංගික විමර්ශන සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාව. Appoint කරේ 2024 දී, Report එක දුන්නේ 2024 දී. සාක්ෂි 51ක් සැලකුවා, ලේඛන 45ක් බැලුවා. Recommendation එක ඇතුළේ 14 දෙනෙකුට විරුද්ධව නඩු දාන්න කිව්වා. කවුද දන්නවද 14 දෙනා? අතිගරු ජනාධිපතිවරයා (ඒ වෙලාවේ හිටපු එක්කෙනා), ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා, ජාතික බුද්ධි අංශ ඩිරෙක්ටර්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්තයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහත්තයා. මේ ගොල්ලන්ට විරුද්ධව තමයි නඩු පවරන්න තියෙන්නේ. ඔය වාර්තා එකකවත්, ඔය ප්‍රකාශ එකකවත්, ඔය සාක්ෂි එකකවත් ජෙනරාල් සුරේෂ් සලේගේ නම නැහැ. කරුණාවෙන් කියනවා ඒ ටික හොඳට බලන්න කියලා.
ඊට පස්සේ මේ සියලු වාර්තා පදනම් වෙලා, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ HC 2972/21 කියන නඩුව දැම්මා. ඒ නඩුව 25 දෙනෙකුට විරුද්ධව දැම්මා. මෙතෙක් හෙළිවෙච්ච සියලුම විමර්ශන වලින් නඩු දැමිය යුතු ප්‍රධාන 25 දෙනාට සම්බන්ධ නඩු 25ක් දැම්මා, තවත් නඩු 10ක් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දාලා තියෙනවා. මේ 25 දෙනාට Charges 23,000ක් දාලා තියෙනවා. සාක්ෂිකරුවෝ 2,190ක් - අතිගරු ජනාධිපතිතුමා ඒක ගැන දන්නවා, ළඟදී ඒ ගැන කතා කෙරුවා. අන්න ඒ නඩුව, මේ කියන්නේ සාක්ෂිකරුවෝ 2,190ක් සාක්ෂි දුන්නා, Productions 184ක් ඉදිරිපත් කෙරුවා. ඔය එකකවත් එක සාක්ෂියකවත්, එක ප්‍රකාශයකවත් ජෙනරාල් සුරේෂ් සලේගේ නම නැහැ.
දැන් ප්‍රශ්නය තියෙන්නේ මේ සියල්ල මැද්දේ හදිස්සියේ නඩුවක් දැම්මා කොළඹ කොටුවේ. මේකේ කවුද පැමිණිලිකාරයා? රන්මුනිතු ජූඩ් වර්නන් රොහාන් සිල්වා. එතුමාගේ පැමිණිල්ල 2024.11.10. මේකෙන් එහා ටික මම කියන්නේ, අතිගරු ජනාධිපතිතුමනි, මේ විමර්ශනයේ තරම. මේ ලෝකේ හිතාගෙන ඉන්නේ ලංකාවේ මාධ්‍යවලිනුයි සමාජ මාධ්‍යවලිනුයි කියන්නේ ශානි අබේසේකර මහත්තයා තමයි ලෝකෙම ඉන්න හොඳම විමර්ශකයා කියලා. විමර්ශකයාගේ තත්ත්වය තමයි දැන් අපි කියන්නේ. සේරම පාවිච්චි කරන්නේ Public Documents පාවිච්චි කරලා කියන්නේ. මේ රටේ පොදු මහජනතාවගේ දැනුමට අදාළ දේවල්. මේකේ පැමිණිල්ල කරලා තියෙන්නේ 2024.11.10 කුමක් ගැනද පැමිණිලි කරන්නේ? 2022 අර මලයි කියන පුද්ගලයෙකුයි තවත් අර මේ පියතුමෙකුයි දෙන්නා අතර සිදුවෙච්ච සාකච්ඡාවක, Zoom සාකච්ඡාවක් ගැන. අවුරුදු කීයකට පස්සෙද? අවුරුදු දෙකකට පස්සේ. ඔබතුමා හොඳටම දැනගන්න ඕනේ, කරුණා කරලා නීති විශේෂඥයෝ ගෙන්නලා අහගන්න, නීතියේ තියෙනවා යම් පැමිණිල්ලක් කරනකොට ඒ සිදුවීමයි පැමිණිල්ලයි අතර අප්‍රමාදීත්වය පරීක්ෂණයේදී අනිවාර්යයෙන්ම තහවුරු කරන්න ඕනේ. අවුරුදු දෙකකට පස්සේ ඇයි මේ පැමිණිල්ල කරන්නේ කියලා අහන්න තිබුණා. ඇයි දන්නවද මේ 2024.10 වැදගත් වෙන්නේ? 2024 තමයි මේ ආණ්ඩුව ආවේ. ආණ්ඩුව එනකන් බලන් ඉඳලා මේ පල්ලිය වෙනුවෙන් මේ පියතුමා ගිහිල්ලා මේ පැමිණිල්ල කරනවා. පැමිණිල්ල තුළම පේනවා මේ පැමිණිල්ල මේ ආණ්ඩුවේ අවශ්‍යතාවයට, මේ ආණ්ඩුව එනකන් බලන් ඉඳලා කරපු පැමිණිල්ලක් කියලා. කරුණා කරලා සාධාරණත්වයේ අයිතිය, සැකයේ වාසිය මේ අපේ ජෙනරාල් සලේට දෙන්න.
දෙවෙනි එක, B Report එකක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෙනකොට B Report 25ක් දාලා තියෙනවා, Report 26යි. ඒ 26 ඇතුළේ එක තැනකවත් රන්මුනි ජූඩ් වර්නන් රොහාන් සිල්වා මහත්තයාගේ ප්‍රකාශයක් නැහැ, උන්වහන්සේගේ ප්‍රකාශයක් නැහැ. නීතියේ මුල් තොරතුර, ඉන්දියානු නීතියේ කියන්නේ FIR කියලා, පාකිස්ථාන නීතියේ කියන්නේ FIR කියලා, ලංකාවේ කියන්නේ First Information කියලා. First Information එක, මුල් තොරතුර අද වෙනකන් Record කරලා නැහැ. අද වෙනකන් Record කරලා නැහැ. එහෙම විමර්ශන වෙන්න බැහැ අතිගරු ජනාධිපතිතුමනි. අපි අපරාධ නඩුවලට අවුරුදු 30ක් පෙනී සිටිනවා, උසාවිවල හැමදාම පෙනී සිටිනවා. උතුම් වූ මහේස්ත්‍රාත්තුමාලා මේක ප්‍රශ්න කරනවා, 'කෝ මුල් ප්‍රකාශය' කියලා. මේකේ එහෙම එකක් නැහැ. අපේ හිටපු උතුම් විනිසුරුතුමාත් ඒක ඇහුවා. ප්‍රශ්නය තියෙන්නේ විනිසුරුතුමාට අධිකරණයට මේ නඩුවට මැදිහත් වෙන්න, විමර්ශනයට මැදිහත් වෙන්න තාම බලය නැහැ. අධිකරණයට බලය තිබුණා නම් මේ නඩුව මේ වෙනකොට අවසානයක් දැකලා ඉවරයි. අපි අහනවා 'කෝ ඒ ප්‍රකාශය' කියලා.
ඊට පස්සේ හරි වැදගත් ප්‍රකාශයක් තියෙනවනේ. මේකේ කියලා තියෙනවා මුල් B Report එකේ රන්මුනි ජූඩ් වර්නන් රොහාන් සිල්වා මහත්තයා ඇවිල්ලා කියන්නේ චැනල් 4 එකේ ප්‍රචාරය වෙච්ච වැඩසටහනක් ගැන. අතිගරු ජනාධිපතිතුමනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම CD එකක් ගැන කිව්වා නම් වෙන්න ඕන පළවෙනිම දේ තමයි ඒ වැඩසටහනේ - ඔබතුමා දන්නවා Evidence Ordinance ගැන දැනගන්න ඕන ඔබතුමා රාජ්‍ය ප්‍රධානියෙක් - Evidence Ordinance එකේ සංශෝධනයක් තියෙනවා, ඒ අනුව විද්‍යාත්මක, වෝහාරික, CD සම්බන්ධ, ඉලෙක්ට්‍රොනික සම්බන්ධ සාක්ෂියක් නම් පදනම් වෙන්නේ, ඒකේ මුල් තොරතුර ගෙනල්ලා ඒක Authenticity තියෙන එකක්ද කියලා බලන්න ඕනේ. මුල් Device එක ගේන්න ඕනේ. කරුණා කරලා මේ ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට කියන්න දැන්ම හරි ගිහිල්ලා ගේන්න කියලා මේ මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 එකෙන්. ඔබතුමාට වැදගත් දෙයක් කියන්නම්, අර රනිල් වික්‍රමසිංහගේ නඩුවේදී දැම්ම සෙල්ලම මේකේ අපි දාන්න දෙන්නේ නැහැ. ඒ තමයි දැන් එයාට ගිහිල්ලා එහෙම ප්‍රකාශයක් සටහන් කරන්න බැහැ. ඒකට හේතුව ලංකාවේ නීතියේ තියෙනවා පනතක්, 'අපරාධ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව දැක්වීමේ පනත', 2002 අංක 25 දරන පනත (Mutual Assistance in Criminal Matters Act). ඒ පනතේ ප්‍රතිපාදන අනුව විතරයි ඒක ගේන්න පුළුවන් අපරාධමය කරුණු වලදී. එහෙනම් රාජ්‍යයකට රාජ්‍යයක් - මේක කොමන්වෙල්ත් කන්ට්‍රි එකක් - එංගලන්තයට, මහා බ්‍රිතාන්‍යයට කියන්න 'ඔය ආයතනයෙන් ප්‍රකාශයක් සටහන් කරලා CD එක ලංකාවට එවන්න' කියලා. ගෙනල්ලා ඒක අධිකරණයට දාන්න, ඊට පස්සේ විමර්ශනය කරන්න. ඔබතුමාට චුට්ටි වැදගත් කාරණයක් කියන්නම්, ඔය Mutual Assistance in Criminal Matters පනතේ (2002 අංක 25 දරන පනත) යටතේ කරන්න තියෙන ලොකුම වැදගත් දේ කියන්නද? මේ සේරටම ඉස්සෙල්ලා මේ ජෙනරාල් සලේව හිර කෙරුවට පස්සේ මහා ඉහළ ඉන්න ප්‍රධාන පුද්ගලයෙක් මට කතා කරලා කිව්වා - අපේ රටේ ජාතිප්‍රේමය තියෙන මනුස්සයෙක් කතා කරලා කිව්වා - 'සර්, කතා කෙරුවා මේ චැනල් 4 එකට. දන්නවද තත්ත්වය? CD එක නෙමෙයි, වැඩසටහන චැනල් 4 එකෙන් ගලවලා' කිව්වා. ඊට පස්සේ චැනල් 4 එකේ එක Line එකක් තියෙයි කිව්වා 'On Request' ගන්න පුළුවන් කියලා. On Request එක ගන්න තියෙන හැකියාවෙනුත් දැන් මේක වැඩසටහන අයින් කරලා කිව්වා. එහෙම වැඩසටහනක් මත පදනම් වෙලාද ජෙනරාල් සලේව තියන් ඉන්නේ කියන එක මම අහනවා.
ඊට පස්සේ වැදගත් වෙන කාරණයක් කියන්නම්. මේ වැඩසටහනේ Director සහ Executive Director ඒ දෙන්නා ගිනීවාවලට ආවා. ඒ දෙන්නගෙන් ඇහුවා, ප්‍රශ්න කෙරුවා මාධ්‍ය, ලෝකෙම දැකපු එකක්. ඒගොල්ලන්ගෙන් ඇහුවා 'ජෙනරාල් සලේ සහ අසාත් මවුලානාත් අතර සාකච්ඡා පැවැත්වුණා කියලා කොහේ හරි Collaborative Evidence එකක් තියෙනවාද?' ඔබ දන්නවා දීපු උත්තරය. 'කිසිදු සෘජු හෝ වක්‍ර සාක්ෂියකින් ඒ කියන කාරණය තහවුරු වෙන්නේ නැත' කියලා කිව්වා. එහෙව් වැඩසටහනක් පදනම් කරගෙනද මේ අපේ ජාතිය වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කරපු රණවිරුවාව තියාගෙන ඉන්නේ කියලා අපි අහනවා.
ඊට පස්සේ ගත්තු ප්‍රකාශ, අසාත් - ඔය චැනල් 4 එකෙන් පස්සේ ජනාධිපති කොමිසම් සභාවට පත් කෙරුවා ඉමාම් උතුම් විනිසුරුතුමා යටතේ, ඒකෙදි විනිසුරුතුමා ඉස්සෙල්ලාම කෙරුවේ අසාත් මවුලානාගෙන් ප්‍රකාශයක් ගන්න උත්සාහ කළා. ඒ වෙනකොට දැනගත්තා එයා UN එකට ගිහිල්ලා ප්‍රකාශයක් දීලා තියෙනවා කියලා. UN එකට එතුමා ලිව්වා ජනාධිපති කොමිසමෙන් ලියලා කිව්වා 'අසාත් මවුලානාගේ ප්‍රකාශය අපිට දෙන්න' කියලා. දන්නවද උත්තරය මොකක්ද කියලා? එක්සත් ජාතීන්ගේ සංවිධානය ලියලා තියෙනවා - අන්න ඒ වාර්තාව කියවා ගන්න අතිගරු ජනාධිපතිතුමනි - ඒකේ තියෙනවා 'අසාත් මවුලානා විසින් එය ශ්‍රී ලංකා රජයට නොදෙන ලෙස ඉල්ලා සිටින බැවින් ඒ ප්‍රකාශය දෙන්න බැහැ' කියලා. දැන් විශ්වාසනීය සාක්ෂිකරු, සාක්ෂි අත්හැරීම / සාක්ෂිකරුට දොස් තැබීම කියලා කොටසක් තියෙනවා, කරුණා කරලා නීති විශාරදයන්ගෙන් අහන්න ඒ ගැන. අන්න එහෙම සාක්ෂිකරුවෙකුට තමයි මේ අපේ පුද්ගලයාව තියන් ඉන්නේ.
දැන් ඊළඟට වැදගත් වෙන කාරණය, මේකේ අතිශය වැදගත් සාක්ෂිය DNA සම්බන්ධයෙන් වෙන හාදියාගේ සාක්ෂිය. හාදියාගේ සාක්ෂිය අරගන්නවනේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට උතුම් වූ විනිසුරු රංග දිසානායක මහත්තයා ඉස්සරහා හාදියා ප්‍රකාශයක් දුන්නා. සිද්ධිය සිදුවෙලා මාස ගානක්, දැන් අවුරුදු ගානක්, අවුරුදු හයක්. ඊට ඉස්සෙල්ලා මාස හයකට ඉස්සෙල්ලා ගෙන්නපු හාදියාගේ ප්‍රකාශය බලන්න. හාදියාගේ ප්‍රකාශයේ එක තැනකවත්, කිසිම ස්ථානයක සාරා ජැස්මින් සිටියා හෝ, ඇය ජීවත්ව සිටියා කියලා, බෝම්බයෙන් පස්සෙත් ජීවත් වෙලා හිටියා කියන වචනයක් නැත. 127 වෙනි ප්‍රකාශය බලන්න, ඒකේ සාරාංශය කියවන්න. ඒ සියල්ලම මේ වාර්තාවේ තියෙනවා. ඔය ටික බලල තමයි මේ දැන් කියන්නේ.
ඊළඟට මෙතෙක් මේ නඩුවේ, ඒ කියන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන B 3588/25 කියන නඩුවේ මෙතෙක් ඉදිරිපත් කරපු සියලුම සාක්ෂි ගැන දැන් කියනවා. අතිගරු ජනාධිපතිතුමනි, මේ සාක්ෂි Public Documents. දැන් ඔබතුමා මේවා කියවලා තියෙන්න ඕනේ, රජයේ ජනාධිපතිලා පැහැදිලිව නිකන් අත්සන් ගහන්න බැහැ. 2025.07.22 සාක්ෂි අනූ දෙකක් දැම්මා. ජෙනරාල් සලේව අත්අඩංගුවට ගත්තේ පෙබරවාරි 25 වෙනිදා. ඊට පස්සේ 03.11 15ක් දැම්මා. ඊට පස්සේ තවත් ප්‍රකාශ තුනක් දැම්මා. ඔච්චර ටික තමයි සාක්ෂි වෙන්න තියෙන්නේ. ඔය ප්‍රකාශ මොනවාගැනද තියෙන්නේ? මම ඒ ටික කියනවා. 2018.11.30 සිදුවෙච්ච වවුනතීව් ප්‍රහාරය ගැන 19ක් තියෙනවා. DNA ලබා ගැනීමට 3ක් තියෙනවා. ආනුෂංගික කරුණු කියලා 74ක් තියෙනවා. IGP මහත්තුරු දෙන්නෙක්ගේ ප්‍රකාශ තියෙනවා, IGP මහත්තයාගේ සාක්ෂිය තියෙනවා - චන්දන වික්‍රමරත්න මහත්තයාගේ සහ C.D. වික්‍රමරත්න මහත්තයාගේ. තව C.D. වික්‍රමරත්න මහත්තයාගේ ප්‍රකාශයක් තියෙනවා, අතිශය වැදගත්. මේකේ කියන්න හදනවා මේ DNA ප්‍රකාශය ගැනීමට, මේකේ පළවෙනිම ගේන්න හදන උත්සාහය ජෙනරාල් සලේට විරුද්ධව DNA එකට සලේ මැදිහත් වුණා, ඒක නිසා තමයි සාරා තුන්වෙනි ප්‍රකාශයක් වෙන්නේ කියලා. කරුණා කරලා, අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට පුළුවන් බලන්න C.D. වික්‍රමරත්න මහත්තයා ඒක ගැන දීපු ප්‍රකාශය. 2024.04.29 සිදුවෙච්ච දේ ගැන ඔහු බැඳිලා, චන්දන වික්‍රමරත්න පොලිස්පතිවරයා දෙන ප්‍රකාශය. මේ ප්‍රකාශය ඇතුළෙත් එතුමා පැහැදිලිව කියනවා, පළවෙනි එකට Sample 26ක් ගත්තා පරීක්ෂණයට. පරීක්ෂණයට ඇහුවහම Government Analyst කියනවා 'ඒකෙන් 11ක් නරක් වෙලා, ඒක බලන්න බැහැ' කියලා. ඊට පස්සේ එතුමා විග්‍රහ කරලා කියනවා 'මීට පස්සේ ආපහු ගන්න හැදුවා, නමුත් පස්සේ කිව්වා මේ රසායන ද්‍රව්‍ය ගෙන්නන්න බැහැ, කොවිඩ් ප්‍රශ්න නිසා, ඩොලර් නැහැ, ගෙන්නන්න බැහැ, පරීක්ෂණය කරන්න බැහැ' කියලා. ඊට පස්සේ එතුමා කියනවා, මේ වැදගත්ම දේ, C.D. වික්‍රමරත්න මහත්තයා හදිස්සියේ මැරුණා. අපේ ගෞරවයක් තියෙනවා, හිටපු පොලිස්පතිවරයෙක්. එතුමා මැරුණහම සමහර අය සමාජ මාධ්‍යයෙන් කියන්න ගත්තා 'එතුමා මැරිලා තියෙන්නේ මේ අතිශය වැදගත් ප්‍රකාශයක් ජෙනරාල් සලේට දීලා තියෙනවා, ඒ නිසා එතුමාගේ මරණය ගැන සැකයි' කියලා. නැහැ නැහැ, එහෙම එකක් නැහැ. මේ ප්‍රකාශය පිටු හතරයි, ඉතා පැහැදිලියි. ඒක කිසිම තැනක ජෙනරාල් ගැන කියන්නේ නැහැ. ඒකේ එතුමා කියනවා ඉන්දියානු බුද්ධි අංශවලින් විශාල බලපෑමක් කරනවා කියලා. ඒ බුද්ධි අංශයේ පොලිසියේ හම්බවෙන හැම අවස්ථාවකම ඉන්දියාවේ වෙන ඉන්දියානු බුද්ධි අංශ ප්‍රධානියා සාමාන්‍යයෙන් සාරා ජැස්මින් ජීවත් වෙනවාද නැද්ද, ඒක සම්බන්ධයෙන් කරපු විමර්ශනය ගැන තොරතුරු කියන්න කියලා. ඒ අනුව එතුමයි ඒ විමර්ශනය කරලා තියෙන්නේ. එතකොට ඊට අමතරව කියනවා Security Council Meeting එකට දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වෙච්ච නිශාන්ත සොයිසා කැඳෙව්වා. කැඳවලා ඒ වෙලාවේ කතා කෙරුවා. ඒ වෙලාවේ නිශාන්ත සොයිසා මහත්තයා කියපු කතාවට පක්ෂව විමර්ශනයක් කරලා මේක අවසාන කරගන්න කියන එක පමණයි ජෙනරාල් සුරේෂ් සලේ කිව්වේ කියලා කියනවා. ඔබතුමා කියන්න හදනවාද දැන් ජෙනරාල් සුරේෂ් සලේ DNA එකට මැදිහත් වුණා කියලා? කරුණා කරලා C.D. වික්‍රමරත්න මහත්තයාගේ ප්‍රකාශය කියවා ගන්න.
ඊට පස්සේ ඔබතුමා තවත් දෙවෙනි කාරණයක් කියනවා. ඒ දෙවෙනි එක තමයි අර ඒකේ ඉන්නවා අබ්දුල් අසීස් රූමි කියලා පුද්ගලයෙක්. එයා මනෝවිද්‍යාව පිළිබඳ Psychologists කෙනෙක්. එයාගේ ප්‍රකාශයක් අරගන්න, මේවා සිදුවුණාට පස්සේ 2020 ගණන්වල ප්‍රකාශයක් සටහන් කරලා තියෙනවා. ඒ පුතා, රූමි සයිෆාන් අලිගේ ප්‍රකාශයක් සටහන් කරලා තියෙනවා, මේකේ ප්‍රකාශය කරුණා කරලා කියවන්න, ප්‍රකාශ දෙකම කියවලා ඉවර වෙලා කියන්න. ඒක කිසිම තැනක ජෙනරාල් සලේ ගැන නැහැ. ඒකේ තියෙනවා 'මම මේ විවේකයෙන් පස්සේ යුද හමුදාවට ඇවිල්ලා විමර්ශනය කෙරුවා මේ ප්‍රහාරය ගැන, ඒ අවස්ථාවේ කරපු කෙනෙක් මාව හම්බවුණා' කියලා. අතිගරු ජනාධිපතිතුමනි, ජෙනරාල් සලේ මේජර් ජෙනරල් කෙනෙක්. ඔය කියන්නේ මේජර් ජෙනරාල් කෙනෙක් ගැන නෙමෙයි.
ඊට පස්සේ අතිශය වැදගත් වන තුන්වෙනි කාරණයක් කියනවා. ඒ තමයි Grid Location ගත්තා කියලා. ඔබතුමා මේ ශානි අබේසේකර මහත්තයාගේ පෙත්තා ගැන මේ කියන්නේ. එතුමා ප්‍රකාශ සටහන් කරලා තියෙන්නේ 'බුද්ධි තොරතුරු ලබා දුන්නු පුද්ගලයා ගැන පෙත්තා' කියලා. පෙත්සමේ ප්‍රකාශයක් කරුණාවෙන් බලන්න Grid Location ගැන. එතුමා කියවනවා මේජර්වරු දෙන්නෙක් ගැන - සඳහන් කරන්න පුළුවන්කමක් නැහැ ඒ නිලධාරීන් සේවයේ ඉන්න නිසා. පොලිස් සැරයන්වරු තුන්දෙනෙක් ගැන ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ ටික කියවලා ඉවර වෙලා බලන්න. ඒ ප්‍රකාශ පහ කරුණාවෙන් Record කරන්න. ඊට අමතරව දැන් සලේ ඉන්නවා හොස්පිටල් එකේ. කොහොමහරි ප්‍රකාශයක් තියෙයි, එයාගේ ප්‍රකාශය සටහන් කරලා අහන්න. සම්පූර්ණ අසත්‍යයක්, Grid Location දීලා නැහැ. මේකේ එකම එක්කෙනෙක් විතරක් සටහන් කෙරුවා. දන්නවාද පොලිස් සැරයන් - හමුදා සාධන සැරයන් මහත්තයා දීපු ප්‍රකාශය කියන්න? මේකේ කිසිම ස්ථානයක ජෙනරාල් සුරේෂ් සලේ කෙනෙක් නැහැ කියලා කිව්වා. අපි දන්නවා ශානි අබේසේකර මහත්තයා අනෙක් හතරදෙනාගේ ප්‍රකාශ කරන්නේ නැත්තේ ඇයි කියලා, ඒගොල්ලෝ කියන්නේ ඔය කතාව නිසා. හතරදෙනාගේ ප්‍රකාශ කරන්නේ නැත්නම් ප්‍රකාශ කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න,
දැන් මම කියන්නම් ඊට පස්සේ ඒක ගැන මොකක්ද කියලා. මේ කියන්නේ කටුවාපිටිය පල්ලියට Grid Location එකක් දීලා 'ඔතනට බෝම්බ ගහන්න' කියලා මේ මනුස්සයා කිව්වා කියලා. ඔය මනුස්සයා ලංකාවේ හිටියෙත් නැහැ. 2018 දෙසැම්බර් මාසයේ ඉඳලා 2019 ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති වෙනකන් (2019 නොවැම්බර්) ඒ දක්වා ජෙනරාල් සලේ ලංකාවේවත් හිටියේ නැහැ. එයා ගැන ප්‍රකාශයක් කරලා දැන් කියන්න උත්සාහ කරනවා 'නැහැ, අර පාස්පෝට් දෙකක් තියෙනවා' කියලා. නැහැ, පාස්පෝට් ගොඩක් ඉල්ලලා තියෙනවා, මටත් පාස්පෝට් හයක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මට එක අවස්ථාවේ පාස්පෝට් එකක් දෙකක් තිබුණා කියලා. ජෙනරාල් සලේ තානාපති සේවයේ ඉන්නකොට එයාට තිබුණේ Diplomatic Passport එක. ඊට පස්සේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වුණාට පස්සේ තියෙන්නේ Official Passport එක. Colors දෙක වෙනස්. පළවෙනි Passport එකේ 'අවලංගු කරමි' කියන එක ගහලා තියෙනවා. එක අවස්ථාවේ Passport දෙකක් පාවිච්චි කරලා නැහැ. අසත්‍ය තොරතුරු රටට කියන්න එපා. ඔහු හමුදා නිලධාරියෙක්, ඔහු කොමිෂන් ලත් නිලධාරියෙක්.
මේ Safe House එක ගැන කියන කතාවට FBI එක දීපු වාර්තාවේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි:
"...St. Sebastian's Church, Katuwapitiya. For the attack, this house was advertised for rent on ikman.lk on 26th January 2019. The lease agreement was signed on 4th February 2019 and was entered into by Mubar, and the house was occupied from 16th February. ...proceed to St. Sebastian's Church from this house" කියලා තියෙනවා.
හස්තුන් බෝම්බය පුපුරවන්න ගියා ඔන්න ඔය ගෙදර ඉඳලා. ඒ ගෙදර ළඟ Safe House දෙකක් තියෙනවා. Safe House 20ක් තිබිලා තියෙනවා. එයින් Safe House 17 තියෙන්නේ බීජීවැලිය රෝඩ්, කොච්චිකඩේ. දෙවෙනි එක, Safe House 18 තියෙන්නේ ජනපද මාවත, දළුවපොත, කොච්චිකඩේ. මේ මනුස්සයා Grid Location දෙන්න ඕනද පෙනෙන දුරින් ගෙවල් දෙකක් අරගෙන, පෙබරවාරි මාසේ ඉඳලා ඔහු මෙතන නැවතිලා ඉන්නේ? මේ මනුෂ්‍යයාට කියලා කිසිම සාධාරණත්වයක් නැහැ අතිගරු ජනාධිපතිතුමනි.
දැන් මම එනවා පාපොච්චාරණ (Confession) කෑල්ලට. මේ නඩුවේ අතිශය වැදගත් වන පාපොච්චාරණ හතක් අටක් දීලා තියෙනවා. ඒ Confession දුන්නේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉස්සරහා. ඒ මහාධිකරණය ඉස්සරහා දීපු Confession ටික විමර්ශනය කෙරුවේ ලංකාවේ අධිකරණයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුතුමා වන උතුම් වූ නවරත්න මාරසිංහ විනිසුරුතුමා. එතුමා අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් විශේෂඥයෙක්. එතුමා ඉස්සරහා නවුෆර් මවුලවී ඇතුළුව අනෙක් අය දීපු Confessions ඔක්කොම බලලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා හයක් අනිවාර්යයෙන්ම ස්වේච්ඡාවෙන්ම දීපුවා සාක්ෂියෙන් තහවුරු වුණයි කියලා දැනටමත් උතුම් වූ අධිකරණය තීරණය කරලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා 'කවුද මේ බෝම්බ ප්‍රහාරය කෙරුවේ? කවුද ඒකට සහය දැක්වූයේ? කවුද ඒකට ආධාර දුන්නේ? කවුද ඒකට අනුබල දුන්නේ? කවුද ඒක දැනුවත්ව හිටියේ? ඒක සම්බන්ධ පුහුණුව ගෙනාවේ කවුද? විද්‍යාත්මක Evidence ගෙනාවේ කවුද?' සියල්ල සාක්ෂි දීලා තියෙනවා. ඒ කිසිම තැනක ජෙනරාල් සුරේෂ් සලේ ගැන ඔය Confession දීපු එක්කෙනෙක්වත් කියලා නැහැ. අතිගරු ජනාධිපතිතුමනි, දැන් ඒවා Public Documents, පෙන්නලා හොඳට බලාගන්න.
දැන් මම අවසාන කොටස ඉවර කරන්නම්. මේකේ අතිශය වැදගත් වෙන්නේ 'මහා මොළකරු' කියන වාක්‍යය. 'මහා මොළකරු' කියන එක කවුද ගෙනාවේ? මම මේ කතාව ආවට පස්සේ මට මේක කිව්වනේ 'මහා මොළකරු කියන එක බලන්න' කියලා. මම දැන් මාසයක් තිස්සේ හොයනවා. ලංකාවේ නීතියේ අපි මේ හොයනවා, කවුද මේක ගෙනාවේ කියලා. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් තමයි ගෙනාවේ. දැන් අපි කාදිනල් හිමියන්ගෙන් අහනවා 'කොහෙන්ද ඔය මහා මොළකරු කියන වචනය හොයාගත්තේ?' කියලා. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ එහෙම වචනයක් නැහැ. ලංකාවේ අපරාධ නීති සංග්‍රහයේ එහෙම එකක් නැහැ, Criminal Code එකේ එහෙම එකක් නැහැ. 'Conspiracy' කියන වචනයක් නැහැ, තියෙන්නේ 'ආධාර අනුබල දීම' (113A, 113B කියන වගන්ති දෙක විතරයි තියෙන්නේ). ඒකේ 'මහා මොළකරු' කියන එකක් කොහෙත්ම නැහැ.
ඊට පස්සේ මම ඇමරිකානු නීතිය බැලුවා, ඇමරිකානු නීතියේ 'මහා මොළකරු' කියන එකක් නැහැ. ඉංග්‍රීසි නීතිය (අපේ මව් නීතිය), ඕස්ට්‍රේලියානු නීතිය, නවසීලන්ත නීතිය, ඉන්දියානු නීතිය බැලුවා, එහෙම එකක් නැහැ. කාදිනල් හිමියනි, කරුණා කරලා කියන්න 'මහා මොළකරු' කියන වචනය කොහෙන්ද ගෙනාවේ කියලා. එහෙම වචනයක් අපරාධ නීතියේ නැහැ. අපරාධ නීතියේ නැති කරුණක් ජනතාවට, සමාජ මාධ්‍ය මගින් ඇති කරලා මේ මනුෂ්‍යයාව හිරේ තැබීම කිසිසේත්ම සුදුසු නැති කාරණයක්.
දැන් අවසාන වශයෙන්, අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා අපේ රාජ්‍ය නායකයා, ඒක පිළිගන්න මේ රටේ ඉන්නවා අතිවිශාල ජනතාවක් - දෙකෝටි විසි ලක්ෂයක් මිනිස්සු. ඒ මිනිස්සු අතරේ අතිශය බහුතරයක් මේ මව් රටට ආදරෙයි. අපේ පින් බිමට අපි ආදරෙයි, මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය දීලා, කැපවෙලා සටන් කරපු හැම හමුදා නිලධාරියෙකුටම අපි ආදරෙයි. ජෙනරාල් සලේ කියන්නේ ඒ වගේ කෙනෙක්. ජෙනරාල් සලේට යුක්තිය ඉෂ්ට කරන්න. වහාම ඔහුව නිදහස් කරන්න. මේ තියෙන අපරාධ නඩුවලට අදාළ ප්‍රකාශ කිසිවකින් ජෙනරාල් සලේ කරපු කිසිම වරදක් හෙළිවෙන්නේ නැහැ. ඔහුව නිදහස් කරන්න, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්න. උතුම් වූ අධිකරණය විසින් ඔහුව නිදහස් කරනවා නිසැකයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය
වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස බරපතළ කුමන්ත්‍රණ දෙකක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනෝමතිකව.. කිසිදු වාර්තාවක හෝ සාක්ෂියක ඔහුගේ නම නෑ.. – නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයන් රැසක්..
සුරේෂ් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධීයි.. - මේජර් අජිත් ප්‍රසන්න
සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එයට වගකිවයුතුයි.. - ජාතික සංවිධාන එකමුතුව
පළාත් සභාවලට අධිකරණ බලය?.. - 22 සංශෝධනයේ සැඟවුනු කතාව එළියට..
2025 දී අත්සන් කළ ඉන්දු- ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරන්නැයි කියන්න ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට..
අමෙරිකාවේ පරාජය අත ළඟ: අමෙරිකාවට ඉරාන යුද්ධය ජයගත නොහැක්කේ ඇයි?
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනවා.. ඔවුන් වැටෙන්නේ පාතාලයන් ළඟට.. - සිරගෙවල්වල ආතතියට හේතුව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි.
"කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" - අධිකරණ ඇමති කියයි
කාදිනල්හිමි ඉල්ලන්නේ අසත්‍ය තොරතුරු මත පදනම්වූ සලේගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම නම් කාදිනල්හිමිගේ පෙත්සමටත් අත්විය යුත්තේ එම ඉරණම නොවේද?
22 වන සංශෝධනය පිටුපස දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් තිබිය හැකියි.. – නීතිඥ ගාමිණී අල්විස්
ශිරාණි බණ්ඩාරනායකව තනතුරෙන් ඉවත් කළේ ඒකීය ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාතී වූ තීන්දු දුන් නිසයි.. - නීතිඥ සංජීව වීරවික්‍රම
Meta පැරදුණත් ජනතාව වහලුන්ද?.. - Meta නඩුව පිටුපස ඇති ඇත්ත මෙන්න..
22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..