News Category
From Date
To Date
Maximum Number of Result

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගයට සුබපතා ඇත.

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.

එළඹෙන 18 වෙනිදා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව ජාතික ජනපදවියගේ අනුරාධපුර දිස්ත‍්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ අපේක්ෂක විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් නව වාර්තාවක් පිහිටුවා ඇත.

නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බවත්, .අභියෝග දිනීම සඳහා මිස ලැබුණු තුනෙන් දෙකේ බලය වෙනත් දෙයකට භාවිත නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

දෙවන පරපුර නියෝජනය කළ පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්ද 16,950 ලබා දුන් ජනතාවට සහ දෙවන පරපුර පක්ෂයේ මැතිවරණ ක්‍රියාකාරී කටයුතු වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබා දුන් සියල්ලන්ට දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා සිය ප්‍රණාමය දක්වා තිබේ.

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පසුගිය ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු දෙවන ධුර කාලය සඳහා සූදානම් වෙමින් පවතින මේ මොහොතේ, ඔහු තම ඉදිරි පරිපාලන කටයුතු සඳහා තෝරාගත් ප්‍රධාන පිරිස් ප්‍රකාශයට පත් කිරීමට පටන් ගෙන තිබේ. මේ දක්වා ඔහුගේ ප්‍රධාන තේරීම් කිහිපයක් මෙන්න:


ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.