News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්ධන මිල සංශෝධනයේදී මිල සූත්‍රය අනුව කටයුතු නොකළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෑතකාලීන ගෝලීය තත්ත්වයන් හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියේ වෙළෙඳපොළවල් මත යැපීම විශාල අවදානමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු සඳහන් කරන්නේය.

මිලේච්ඡ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම වෙනුවෙන් සටන්කර මේවන විට සිරගෙදර සිරකර සිටින හිටපු බුද්ධිඅංශ ප්‍රධානා සුරේෂ් සලේ මහතා සහ අපිත් ප්‍රසන්න මහතා ඇතුළු සියළු රණවිරුවන්හට සෙත්පතා සහ ආරක්ෂාව පතා සිදුකරනු ලබ බෝධි පුජා පින්කමක් 2026-03-27 දින සවස 5 ට බෙල්ලන්විල රජ මහා විහාරයේ දී පැවැත්වේ.

සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් ඇති වූ ඉන්ධන මිල කම්පනය මධ්‍යයේ මොස්කව් අනෙකුත් රටවල් සමඟ ව්‍යාපෘති පුළුල් කරන බැවින්, රුසියානු බලශක්ති සම්පත් මිලදී ගන්නන් අතර යුරෝපා සංගමය අවසාන පේළියේ සිටීමේ අවදානමක් ඇති බව ක්‍රෙම්ලිනයේ නියෝජිත කිරිල් දිමිත්‍රීව් අනතුරු අඟවා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉන්දියා ටුඩේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරන්නේ අමෙරිකානු ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවීමට ඉඩ නොදීම මගින් ආණ්ඩුව තම මධ්‍යස්ථභාවය ප්‍රදර්ශනය කරන බවය. එම ප්‍රකාශයේ අරමුණ පිළිබඳව සහ ඊට අදාළ මතය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල අදහස් විමසන ලදී.

අමෙරිකාවේ ටෙක්සාස්හි පෝට් ආතර් (Port Arthur) හි පිහිටි වැලෙරෝ (Valero) පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'අමෙරිකාවෙන් ප්ලේන් දෙකක් එවන්න හැදුවා.. මම කිව්වා එපා කියලා' යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ පවසන් බවත්, එහිදී ගැටලු කිහිපයක් මතුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.