කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට..
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළන්නාව නගර සභාවේ මාලිමාවේ නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙකු මත්ද්‍රව්‍යයත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පසුගියදා සමත්ව තිබුණි.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කොළොන්නාව ඇතුළු ඒ අවට ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත්ව තිබුණි.
ඒ අතර සැකකටයුතු පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පරීක්ෂා කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු තවත් අයෙකුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි ඇති බවයි.
ඒ අනුව පොලිසිය එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඔහුව උපායදූතයෙක් ලෙස යොදා ඔහුලවා මත්ද්‍රව්‍ය මිලදී ගන්නා පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.
ඒ අනුව මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයා අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමග පැමිණ තිබූ අතර එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඔහුවද අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයාගේ නිවස පරික්ෂාවට ලක් කෙරුණු අතර එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමත් විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්