News Category
From Date
To Date
Maximum Number of Result

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබේ

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය දුර අපේක්ෂක ලෙස ‍ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.

යුද්ධය මානුශික මෙහෙයුමකින් අවසන්කර වසර 15 ක් සපිරෙන මේ මොහොතේ, එම බෙදුම්වාදීන්ගේ මනදොල සපුරාලන්නට පනතක් ගෙන ඒම පිළිබඳව බලවත් පිළිකුල ප්‍රකාශ කරන බවත්, සත්‍ය සෙවීමේ කොමිසමේ අරමුණ හුදු සත්‍ය සෙවීමක්ම නොවන බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

VFS වීසා ගැටළුව වෙනුවෙන් ගුවන්තොටුපොළේ දී හඬ නැගූ නීතිවේදී සඳරු කුමාරසිංහ නම් තරුණයා අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් පවසන්නේ එදා ගුවන්තොටුපළේ පැමිණීමේ වීසා නිකුත් කිරීම විදෙස් සමාගමකට පවරා තිබීම මත ගුවන්තොටුපොළට පැමිණ සිටි සංචාරකයන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි.

ඇදහැලෙමින් පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රාජ්‍ය දේපළ සොරා කෑ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු හොරුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පුහුණු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාවය පළකර ඇති බවත්, ඒ අනුව එම නිලධාරීන් පුහුණු කිරීමෙන් පසුව සොරු ඇල්ලීමට තවත් වසර 02ක් වත් ගතවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

සාමණේර උපසම්පදා භික්ෂුන් පිළිබඳ ප්‍රකාශයේ නම් නැති අයෙක් භික්ෂුවක් ලෙස පෙනී සිටීම නීති විරෝධී ක්‍රියාවක් බැවින් මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබුණද , රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් "වඩා ජනප්‍රිය අපේක්ෂකයෙකු" බව විශ්‍රාමික එක්සත් ජනපද ගුවන් හමුදා ලුතිනන් කර්නල් Karen Kwiatkowski පවසයි. ඒ මහතා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු විශ්ලේෂකයෙකු ද වේ.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්‍ෂි විභාග කරන්න නියෝග

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ පාස්කු නඩුවේ චෝදනාවලින් එම විත්තිකරුවන් දෙදෙනා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05දා) බලරහිත කරමින් තීන්දුවක් නිකුත් කරන ලදී.

සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)

2022 දී රට අරාජික කිරීම සඳහා ක්‍රියාත්මක වූ අරගලය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා මුදල් ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු තමන් සතු බවත්, රට නිවැරැදි මාවතට අවතීර්ණ කර ගැනීමේ අවස්ථාව ඔහුගේ මැදිහත්වීම හරහා වැළකී ගිය බවත් සිංහ එෆ්.එම් නාලිකාවේ හිටපු හිමිකරු නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි

සොරකම් කළ ධනය උගන්ඩාවේ සඟවා ඇති බව තම පක්‍ෂය විසින් කිසි දිනක පවසන්නේ නැතැයි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු

පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය.

ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.