විශ්වවිද්‍යාල 17 පවා පවත්වාගෙන යන්න බැරුව 50ක් හදන්න යනවා.. - සරසවි ඇදුරන් අද වැඩවර්ජනයක..
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා අද (09) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, පවතින අර්බුද සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කළ බවයි.
රජය විසින් අලුතින් විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කිරීමට ගෙන ඇති යෝජනාව පිළිබඳව ද ලේකම්වරයා මෙහිදී අදහස් දැක්වීය.
අධ්‍යාපනය පුළුල් කිරීම සාධනීය කරුණක් වුවද, දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 17 පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් තුළ නව විශ්වවිද්‍යාල ඇති කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
පවතින විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ඔහු අවධාරණය කළේය.
පසුගිය සතියේ දහවල් විවේක කාලය තුළ විරෝධතා ව්‍යාපාරවල නිරත වූ බවත්, රජයේ නිහඬ පිළිවෙත හමුවේ හෙට දිනයේ දීපව්‍යාප්තව වැඩවර්ජනය කරමින් සිය විරෝධය පළ කරන බවත් චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..