ක්‍රීඩා ඇමතිට විරුද්ධව නඩු දමයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ව්‍යුහය වෙනස් කරමින් කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට එරෙහිව බදුරලිය ක්‍රීඩා සමාජය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 14ක සංඛ්‍යාව, 2026/2027 තරග වාරයේ සිට 12 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන තුන ලබා ගන්නා කණ්ඩායම් දෙවන පෙළ දක්වා පහත හෙළීමට නියමිතය. මීට පෙර ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව දෙවන පෙළට යොමු කෙරුණේ අවසන් ස්ථානය ලබා ගන්නා කණ්ඩායම පමණි.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා මහතා සඳහන් කළේ, අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාව ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට මෙන්ම ක්‍රීඩා පනතට ද පටහැනි බවයි.
මෙවැනි තීරණ හේතුවෙන් බදුරලිය වැනි ගම්බද ක්‍රීඩා සමාජවලට දැඩි අසාධාරණයක් සිදුවන බවත්, එමගින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය අඳුරු වන බවත් ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, පසුගිය සතියේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛතම කාණ්ඩයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් වූ පසුබිමක, මෙවැනි තීරණ හරහා ක්‍රීඩා සමාජ අධෛර්යමත් කිරීම අනුමත කළ නොහැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..