News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් පිළිබඳ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (04) දැනුම් දුන්නේය.

ගල් අඟුරු වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණය පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් තම ආණ්ඩුවේ අය නිවැරදි වනු ඇති බවටත් විපක්ෂයේ අය වරදකරුවන් වනු ඇති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය මැදි දිනයේදී කරන ලද ප්‍රකාශයකට අදාලව තම කණගාටුව පළ කර තිබේ.

චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලි ප්‍රදේශයේ ඉකුත් (31) වැනිදා පැවති සංගීත සංදර්ශනයකදී, තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රවර්ධනය වන අයුරින් ගීත ගායනා කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

වත්මන් වෙළෙඳපොළේ ඉන්ධන මිල මාර්තු මාසයට සාපේක්ෂව කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා තවමත් මාර්තු 01 වැනිදා පැවැති පැරණි මිල ගණන් යටතේ ගණනය කර ගෙවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ චෝදනා කරයි.

ඉකුත් 02 වැනිදා පැවැති ඉතාලි නිදහස් දින සැමරුම් උත්සවය අතරතුරදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා අතර වාදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.

"අපි තවත් හිස් ගමන් මලු කිහිපයක් ගෙන ආ යුතුව තිබුණා," යැයි ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ග්ලෝරියා ගුවේවාරා බදාදා චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.