ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ජර්මනියේ සැක්සෝනි-අන්හාල්ට් (Saxony-Anhalt) ප්‍රාන්තයේ ලැබූ මෙම මැතිවරණ ජයග්‍රහණය පාලක නියෝ-ලිබරල්වාදී බලවේගවලට සහ ජාත්‍යන්තර ඩීප් ස්ටේට් (Deep State) නියෝජිතයන්ට එල්ල වූ ප්‍රබල ජනතා ප්‍රතිචාරයක් ලෙස හැඳින්විය හැකිය. මෙතෙක් කලක් බලයේ සිටි පාලක පක්ෂ කෙරෙහි ජනතා කැමැත්ත සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, එළඹෙන මහ මැතිවරණයේදී ජර්මනියේ බලය පිහිටුවීමට පවා AFD පක්ෂයට හැකියාව ලැබෙනු ඇතැයි මත පළවෙමින් තිබේ.
2022 වසරේදී රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක හේතුවෙන් ජර්මනියට රුසියාවෙන් අඩු මිළට ලැබුණු බලශක්තිය අහිමි වූ අතර, ඒ හේතුවෙන් විදුලි බිල සහ ගෑස් බිල අධික ලෙස ඉහළ ගොස් ඇත. එසේම ෆොක්ස්වැගන්, මර්සිඩීස් වැනි ජර්මානු දැවැන්ත සමාගම් තමන්ගේ කර්මාන්තශාලා වසා දැමීමට හෝ වෙනත් රටවලට ගෙන යාමට පෙළඹීම නිසා දහස් ගණනකගේ රැකියා අහිමි වී තිබේ. රටේ උද්ධමනය සහ විරැකියාව ඉහළ යද්දී, ජර්මානු පාලකයන් තමන්ගේ ජනතාව අමතක කර උක්‍රේන යුද්ධය වෙනුවෙන් දිගින් දිගටම ආධාර සහ ආයුධ සැපයීම පිළිබඳව ජර්මානු වැසියන් දැඩි කලකිරීමෙන් පසුවෙති.
AFD පක්ෂයට අන්තවාදී ලේබලය ඇලවීමට බටහිර මාධ්‍ය උත්සාහ කළද, එම පක්ෂය අවධාරණය කරන්නේ ජර්මනියේ ස්වාධීනත්වය සුරැකීම, රුසියාව සමග නැවත සබඳතා ගොඩනගා ගනිමින් බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සහ නීති විරෝධී සංක්‍රමණ පාලනය කිරීම මගින් ජර්මානු පුරවැසියන්ට මුල්තැන දිය යුතු බවයි. විශේෂයෙන්ම බටහිර ජර්මනියට සාපේක්ෂව ආර්ථිකමය වශයෙන් අඩු සැලකිලි ලබන නැගෙනහිර ජර්මානු ප්‍රදේශවල ජනතාව අතර AFD පක්ෂයට විශාල ජනප්‍රියතාවක් හිමිව ඇත.
මෙම තත්ත්වය ජර්මනියට පමණක් නොව ප්‍රංශය, ඔස්ට්‍රියාව, ඕලන්දය ඇතුළු සමස්ත යුරෝපයටම බලපාන රැල්ලක් බවට පත්වෙමින් තිබේ. යුරෝපා වැසියන් පවතින නියෝ-ලිබරල් පාලනයන්ට එරෙහිව නැගී සිටිමින් සිටින අතර, ඉදිරියේදී නේටෝ සංවිධානය ඇතුළු බටහිර දේශපාලන සන්ධානයන්හි අනාගතය පිළිබඳවද මෙමගින් විශාල ප්‍රශ්නාර්ථයක් මතුව ඇත.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..