නාමල් අත්අඩංගුවට ගැනීමෙන් ඔහු විපක්‍ෂයේ ලොකුම චරිතය වුණා..- නිර්මාල් රංජිත් දේවසිරි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියකට එහා ගිය සංකීර්ණ දේශපාලන තත්ත්වයක් නිර්මාණය කර ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ විශ්ලේෂණයක නිරත වෙමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙම සිදුවීම හරහා නොදැනුවත්වම මෙන් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා බවට පත්වීමේ ඉඩකඩ නිර්මාණය වී ඇති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවට වඩා අර්බුදයකට මුහුණ දී සිටින්නේ විපක්ෂයේ සෙසු කණ්ඩායම් බවත්; සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක සහ දිලිත් ජයවීර වැනි නායකයන්ගේ දේශපාලන භූමිකාව යටපත් වීමේ අවදානමක් මතුව ඇති බවත් ඔහු සඳහන් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විපක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වයක් ගොඩනැගෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මෙවැනි අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් මගින් අදාළ දේශපාලනඥයන්ට මහජන අනුකම්පාව සහ දේශපාලන වාසි හිමිවූ අවස්ථා බහුල බවත්, 2015 යහපාලන ආණ්ඩු සමයේදී ද මෙවැනිම ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවත් ආචාර්ය දේවසිරි මහතා මතක් කර දෙයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම මාලිමා ආණ්ඩුවේ කඩාවැටීමට හේතුවනු ඇතැයි යන මතය ඔහු ප්‍රතික්ෂේප කරයි. සාමාන්‍ය ඡන්දදායකයන් ආණ්ඩුවක පැවැත්ම තීරණය කරන්නේ දේශපාලනඥයන්ගේ අත්අඩංගුවට ගැනීම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි කරුණු මත නොව, දෛනික ජීවන වියදම, ආදායම් මාර්ග සහ ආර්ථික ස්ථාවරත්වය වැනි මූලික සාධක මත පදනම්ව බව ඔහු අවධාරණය කරයි.
එමෙන්ම, විපක්ෂයෙන් විශ්වාසදායක සහ ඒකාබද්ධ විකල්ප බලවේගයක් ගොඩනැගෙන තෙක් මහජනතාව පහසුවෙන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..