පාස්කු දා ප්‍රහාරයේ මහ නඩුවේ තීරණාත්මක තීන්දුවක්.. නවුෆර් මවුලවිගේ කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් බව තහවුරු කෙරේ..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමු වැනි චුදිත වන සහරාන්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.
මහාධිකරණ විනිසුරුවන් වන රාමනාදන් කන්නන්, සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (23දා) මේ නියෝගය දුන්නේය.
මේ නියෝගයත් සමඟ පාස්කු දින ප්‍රහාර නඩුවේ පැමිණිල්ලේ නඩුව තීරණාත්මක අදියරකට පැමිණ ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
විත්තිකරුගේ පාපෝච්චාරණය මඟින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් හා සැලසුම් කළ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිවේ. පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී ඇති බවට පිළිගැනීමත් සමඟ එහි සඳහන් තැනැත්තන්ට එරෙහිව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකිවේ.
නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතාට 2019 වසරේ නොවැම්බර් 11දා මේ ප්‍රකාශය දී ඇත.
එම කටඋත්තරය ස්වේච්ඡාවෙන් ලබා දී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ‘වෝයර් ඩයර්’ සත්‍යතා පරීක්ෂණයක් පැවැත්විණි. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බවට තීන්දු කළේය.
මේ වන විට නඩුවේ විත්තිකරුවන් සිව්දෙනකුගේ පාපෝච්චාරණ ස්වේච්ඡාවෙන් දී ඇති බව සනාථව ඇත. 8 වැනි විත්තිකරුගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී නොමැති බව අධිකරණය තීරණය කළේය. පාපෝච්චාරණ තහවුරුව ඇති විත්තිකරුවන් වන්නේ පළමුවැනි විත්තිකරු වන මුහමුදු ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් හෙවත් අබු සෙයිද් හෙවත් අබු සරීම් හෙවත් නවුෆර් මවුලවි, 11 වැනි විත්තිකරු වන කාලිබ් සමීර්, 4 වැනි විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා, 9 වැනි විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් යන තැනැත්තන්ය. නඩුවේ 18 වැනි විත්තිකරු වන රාසික් රාසා හුසේන් පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී ඇත්ද යන්න පිළිබඳ නියෝගය ලබන 30දා ප්‍රකාශ කිරීමට නියමිතය.
නඩුවේ 11 වැනි විත්තිකරු කාලිබ් සමීර් 2019 වසරේදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ පාපෝච්චාරණය ද ස්වේච්ඡාවෙන් කළ එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර ඒකමතිකව තීන්දු කර තිබේ. ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් එම පාපෝච්චාරණය සිදු කර ඇති අතර එය රජයේ සාක්ෂියක් ලෙස නඩු විභාගයට ඇතුළත් කිරීමටද අධිකරණය අවසර ලබා දුන්නේය. කාලිබ් සමීර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම ප්‍රකාශය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට තර්ක කළද, ඒ පිළිබඳව පැවති වෝයර් ඩයර් පරීක්ෂණයෙන් අනතුරුව විනිසුරු මඬුල්ල එම තර්කය ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම 9 වැනි විත්තිකරුගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බව අධිකරණය 2026 මැයි 29 වැනිදා තීන්දු කර ඇත.
තවද 12 වැනි විත්තිකරුට අදාළ වෝයර් ඩයර් පරීක්ෂණය ආරම්භ කිරීමට අවශ්‍ය ලේඛන මේ වනවිට අධිකරණයට සහ විත්ති පාර්ශ්වයට භාර දී ඇති අතර, 25 වැනි විත්තිකරුට අදාළ වෝයර් ඩයර් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීම තාවකාලිකව අත්හිටුවා ඇත.
2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි දේවස්ථාන සහ ප්‍රධාන සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥ ශක්තික ජාගොඩආරච්චි, අධිනීතිඥ අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීහු ඇතුළු නීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවති.
කනීල් මද්දුමගේ, ලෝරන්ස් ඇඩම්ස් හාලි, ලක්ෂ්මන් පෙරේරා යන නීතිඥවරු විත්තිය වෙනුවෙන් පෙනී සිටිති.
- dinamina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..