ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද දින සිදුකිරීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම රිට් පෙත්සම පසුගියදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පුද්ගල නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බවයි.
එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවද අවධාරණය කළේය.
පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම සඳහා නීතියෙන් අවසර හිමිවී තිබෙන්නේ සීමිත අවස්ථාවල පමණක් යැයි පෙන්වා දුන් ඔහු, පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත්කිරීම කිසිසේත්ම දඬුවමක් නොවිය යුතු බවද සඳහන් කළේය.
එමෙන්ම සිය සේවාදායකයා මේ වනතෙක් කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බවත්, ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කර නොමැති බවත් නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
කෙසේ වුවද, කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තරකරුවන් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
කිසිදු නීතිමය පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශන අංශ කටයුතු කර තිබෙන බවටද ඔහු මෙහිදී චෝදනා කර සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..