News Category
From Date
To Date
Maximum Number of Result

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ, විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසයි.

මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS ) පර්යේෂණයක ප්‍රතිපළ ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුකෙරෙන නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය, වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(16) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ මාධ්‍ය හමුව ඉහත වීඩියෝවෙන් නරඹන්න...

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15දා) කරන ලද සාකච්ඡාවකදී සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් පවසන්නේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට රජය අත්සන් තබා ඇති බවට ජනමාධ්‍ය වාර්තා තිබියදීත්, ඔහුගේ දැනුමට අනුව, එවැනි පියවරක් දැනට ක්‍රියාත්මක නොවන බවයි. ‘ඩේලි මෝර්නින්’ සමග අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ, එවැනි කිසිදු පියවරක් පිළිබඳව පාර්ලිමේන්තුවට හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තමාව දැනුවත් කර නොමැති බවයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

චීන ජනාධිපති ෂී ජින්පිංගේ (Xi Jinping) ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක්විය.


දේශීය පුවත්

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීලා..- පොලිසියෙන් නිවේදනයක්..

ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රේගුවෙන් නිදහස් කළ බහාලුම්වල තිබූ දේවල් ගැන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව..

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.