News Category
From Date
To Date
Maximum Number of Result

යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

පසුගිය රජය ජනාධිපතිවරණයට පෙර පුද්ගලයෙකුට සහල් කිලෝ 20 බැගින් නොමිලේ බෙදාදීම හේතුවෙන් වෙළෙඳපොළේ රතු සහල් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් විශූද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ පනත් සංශෝධනය කිරීම දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. පසුගිය (7) වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා පැවසුවේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය මේ සංශෝධනයට ආණ්ඩුව පය තැබුවොත් එය මර උගුලකට පය තැබීමක් බවයි. තව දුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා මෙසේද පැවසීය.

1988/1989 සමයේදී මේ රටේ 60000කගේ ජීවිත පරිත්‍යාග නොකරන්නට රට බෙදී වෙන්වී අවුරුදු 30කට වැඩි බව ආචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි. මෙයට වසර 5කට පමණ පෙර අන්තර්ජාල නාලිකාවක් ‍හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් මගින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇති අතර ඔහුගේ කාලීන වැදගත්කම සලකා එය පළ කිරීමට තීරණය කළෙමු.

ඔන්ලයින් ණය මාෆියාව සම්බන්ධයෙන් කොතෙක් තොරතුරු හෙළිදරව් කළද කිසිඳු බලධාරියෙක් ඒ පිළිබඳව අවධානය යොමුකරන බව නොපෙනෙන බවත්, නව වටයකින් මෙම මාෆියාව වර්තමානයේ සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකරන පාර්ශ්ව පෙන්වා දෙති.

මියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත අරමුණින් පිටත් වූ බවට මෙරටට පැමිණි රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් කරන ප්‍රකාශ මත මිනිස් ජාවාරම් සහ ඊටමියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත අරමුණින් පිටත් වූ බවට මෙරටට පැමිණි රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් කරන ප්‍රකාශ මත මිනිස් ජාවාරම් සහ ඊට තිබිය හැකි දේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දුනීසියාව නිල වශයෙන් BRICS සමූහයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වී ඇති බව දැනට කණ්ඩායමේ සභාපතිත්වය දරන බ්‍රසීලය ඊයේ(06) නිවේදනය කළේය.

ඇතැම් ජන මාධ්‍යවල කණ්ඩායම් අද රට ක්ලීන් වනවාට කැමති නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරුවන්නේ අඳුර බවද ඔහු කියා සිටී.

නව ආණ්ඩුව බලයට පත්වීමට සමාන්තරව බෙදුම්වාදී බලවේග තමා විසින් රඟදක්වන නාට්‍යයේ පිටපත වෙනස් කරමින් ඉදිරිපත් කරන බව දැන් පැහැදිලිව දැකගත හැකි බව දෛශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීලා..- පොලිසියෙන් නිවේදනයක්..

ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රේගුවෙන් නිදහස් කළ බහාලුම්වල තිබූ දේවල් ගැන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව..

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.