News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. නිටෙව්දනයක් නිකුත් කරමින් ඒම පක්ෂ,ය මෙසේ ප්‍රකාශයට පත්කර ඇත.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ආරක්ෂකයකු බව හෙළිදරව් කරමින් උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට ඊයේ (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නව මූලස්ථානය ඊයේ (19) බත්තරමුල්ලේදී විවෘත විය. එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් අනුශාසනාවක් කරමින් පැවසුවේ බලය තිබෙන්නේ අත හැරීමට හෝ බෙදීම සදහා නොවන බවත් බෙදුනට පස්සේ බලයක් නොමැති බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසීය.

ඉදිරියේ දී පාරිභෝගිකයන්ට සහල් අඩුමිලට ලබා දීමට හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා " යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය .

ගොවීන් තම නිෂ්පාදන වියදම ලෙස වී කිලෝවක් සඳහා රුපියල් 110-115ක පමණ මිලක් පෙන්වා සිටියදී ඊට අදාළව සහතික මිලක් නියම කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ආණ්ඩුව විශාල ගැටළුවකට පත්ව ඇති බව වාර්තා වේ.

සියලුම මන්ත්‍රීවරුන්ට නව වාහන කඩිනමින් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසයි.

දේවගැති ජෙරොම්ට එරෙහිව මෙතෙක් සලකා බලා නොමැති තවත් පැමිණිලි පෙත්සම්කරුවන් විසින් නීතිපතිවරයා වෙත යොමු කළ හැකි බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් සහ ස්වාධීන තීරණයක් ගැනීමේදී මෙම පැමිණිලි සමාලෝචනය කරන බවත් නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ප්‍රනාන්දු, රටේ ආගමික සහජීවනය පළුදු කරන බවට එල්ල වන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන්.

දේශපාලකයන්ට කොළඹින් පිට ජාතිකත්වය මත පදනම් වූ ඡන්ද කෝටාවක් ඇති බවත්, එය පවතින්නේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාවගේ හදවතේ බවත්, එහෙත් එම ජාතිකත්ව හැඟීම බලහත්කාරයෙන් යටකිරීමක් සිදුවී ඇති බවත් ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසයි.


දේශීය පුවත්

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීලා..- පොලිසියෙන් නිවේදනයක්..

ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රේගුවෙන් නිදහස් කළ බහාලුම්වල තිබූ දේවල් ගැන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව..

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.