News Category
From Date
To Date
Maximum Number of Result

වත්මන් ආණ්ඩුව බලයට පැමිණිට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ධවල මන්දිරයට නැවත පැමිණි පසු ඩෙන්මාර්ක් රාජ්‍යයේ ස්වාධීන භූමි ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු හමුදා යවනු ඇතැයි සිතිය නොහැකි බව යුරෝපීය කොමිසම පවසා තිබේ.

බොදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 9 ක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජිත රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමට කිසිදු විරෝධයක් දක්වා නොමැති බව පවසමින්, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද ප්‍රකාශ කළේ රජය මෙම යෝජනාව ඉදිරියට ගෙන යන බවත් ඉදිරි අයවැයෙන් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දෙන බවත්ය.

ජනවාරි 20 වන දින පදවි ප්‍රාප්ති දිනයේ සිට දින 100 ක් ඇතුළත රුසියානු-යුක්රේන ගැටුමට විසඳුමක් සඳහා මැදිහත් වීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මුහුදේදී පීඩාවට පත් රෝහින්ග්‍යා ජනතාව බේරා ගැනීමට සහ ආරක්ෂිතව ගොඩබෑමට ශ්‍රී ලංකා බලධාරීන් සහ ජනතාව ගත් ජීවිතාරක්ෂක ක්‍රියාමාර්ග අගය කළ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම හෙවත් UNHCR, ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අඛණ්ඩ අනුකම්පාව සහ ආගන්තුක සත්කාරය ඉල්ලා සිටින බව පැවසේ.

ඉදිරි දිනවලදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්ෂයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුලස්ථානය වන ගොවිජන මන්දිරයේදී සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ උත්සවය පැවැත්වූ ජනවාරි 01 ජාතික ධජය එසවීමේදී බරපතල වැරැද්දක් සිදුකරනු ලැබුවේය.

මුදල් විශුද්ධිකරණ පනත සංශෝධනය කිරීම මගින් දෙමළ ඩයස්පෝරාවට ඊළම මුදලට ගැනීමේ වටපිටාව නිර්මාණය වන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. පසුගිය (7) වැනිදා පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.


දේශීය පුවත්

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීලා..- පොලිසියෙන් නිවේදනයක්..

ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රේගුවෙන් නිදහස් කළ බහාලුම්වල තිබූ දේවල් ගැන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව..

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.