News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයේ සුරක්ෂිතම ඩිජිටල්කරණ වැඩ පිළිවෙල ඉන්දියාවේ “ආධාර්“ (Aadhaar) ක්‍රමවේදය බව ජනපති පැවැසුවත් එහි තිබූ මිලියන 815ක ඉන්දියානු පුරවැසියන්ගේ දත්ත හොරකම් කර ඇති බවත් එම නිසා ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමට පෙර සිය දහස් වාරයක් කල්පනා කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනවසර සංක්‍රමනිකයන් ඉලක්ක කර ගෙන යෑමට නියමිත "Operation Safeguard" මෙහෙයුම ලබන සතියේ චිකාගෝ නගරය ඉලක්ක කර ගනිමින් දැවැන්ත පිටුවහල් කිරීමේ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එයට රේගු,ආගමන හා විගමන බලකායේ නියෝජිතයන් 150-200 ක් අතර පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

මහා පරිමාන මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බව අනාවරණය වූ බවත් ඔවුන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙකු සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ එකම ටෙන්ඩරය හතර වතාවක් ප්‍රතික්ෂේප වූ බවට විපක්ෂය නඟන චෝදනා අසත්‍ය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා යම් දේශපාලන පක්ෂයක් විසින් පුද්ගලයකුගෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ලබාගෙන ඇති බවත්,

නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා විසින් LGBTQIA +++Woke න්‍යාය පත්‍රයට එරෙහිව අභීතව ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව සහ ගෝලීය වශයෙන් ඊට දෙනු ලබන නායකත්වයට ස්තුතිය පළකරමින් මව්වරුන්ගේ පෙරමුණ අද (21) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත ලිපියක් භාරදීමට කටයුතු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂට ඔහුගේ නිල නිවසෙන් ඉවත් වන ලෙස හෝ ඒ සඳහා මාසිකව රුපියල් මිලියන 4.6ක කුලියක් ගෙවීමට සිදුවන බවයි. මෙම සිද්ධියෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වා තිබේ.

ජනතාවට වැඩි සහන ලබා දීම සඳහා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

IMF එක හාල්වලට ගසා ඇති බදු අයින් කළවිට හාල් කිලෝවක් රුපියල් 200ට පාරිභෝගිකයාට ලබාදීමට හැකියාවක් ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති, අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.


දේශීය පුවත්

රේගුවෙන් නිදහස් කළ බහාලුම්වල තිබූ දේවල් ගැන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව..

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න වෙලාවක... සෙවනගල උක්ගොවීන් මාධ්‍ය අමතයි

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.