News Category
From Date
To Date
Maximum Number of Result

විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක

Aug 25, 2026 at 07:34 AM
|

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

ටීවි දෙරණ නාලිකාවේ '360' කාලීන වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ද දැඩි බලපෑමක් එල්ල වන බවය.

අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන බැවින්, ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පමණක් ප්‍රමාණවත් නොවන අතර ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව සාලිය පීරිස් මහතා අවධාරණය කළේය.

එමෙන්ම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමෙන් අධිකරණයේ නඩු කටයුතු වේගවත් වන බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කර සිටී.

මහජනතාවට අදාළ නඩු වැඩි වශයෙන් විභාග වන්නේ මහෙස්ත්‍රාත් සහ මහාධිකරණ වැනි පහළ අධිකරණවල බවත්, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ වයස වැඩි කිරීමෙන් පහළ අධිකරණවල නඩු වේගවත් නොවන බවත් පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා,

"අපේ තර්කය වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම සංශෝධනයකට ජනමත විචාරණයක් ඕනේ. මොකද ඒකේ බලපෑමක් වෙනවා ජනතාවගේ පරමාධිපත්‍යයට. මේක අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන, ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන කාරණාවක්. ඒ අනුව 2/3ක් මදි ජනමත විචාරණයකුත් අවශ්‍යයි. මං මේක කියන්න ඕනේ. මේ සංශෝධනයේ ප්‍රශ්නේ 2/3ක් ඕනෙද, 2/3යි ජනමත විචාරණයකුත් ඕනෙද කියන එක නෙවෙයි. මේ සංශෝධනය නොකළ යුතු සංශෝධනයක්. සමහර සංශෝධන තියෙනවා 2/3කුයි ජනමත විචාරණයයි දෙකෙන්ම සම්මත කරපු. සමහර දේවල් තියෙනවා සදාචාරාත්මක නොවෙන. නීතිය පැත්තකින් තියන්න, ඒක උසාවියෙන් තීරණය කරයි. නමුත් නොකළ යුතු දේවල් තියෙනවා. ඒ නොකළ යුතු දේවල් මේ වගන්තිවලට අනුව තීරණය වෙන්නේ නැහැ. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ ජනතාවට, මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කාරණාවක්..

කොහොමද විශ්‍රාම වයස වැඩි කිරීම තුළින් නඩු වේගවත් වෙන්නේ? මොකද හොරුන්ගේ නඩු කොහෙද තියෙන්නේ? හොරුන්ගේ නඩු තියෙන්නේ මහේස්ත්‍රාත් උසාවිවල. පහළ උසාවිවල. නැත්තම් මහාධිකරණයේ. එතකොට මහාධිකරණයේ හරි මහේස්ත්‍රාත් අධිකරණයේ හරි අපි හොරු කියලා කියන අයගේ නඩු ඉක්මන් වෙන්නේ කොහොමද විශ්‍රාම වයස වැඩි කරලා? මේ ඊළඟ අවුරුදු දෙකේ හෝ තුනේ ඔය හොරුන්ගේ නඩු අහන මහාධිකරණ විනිශ්චයකාරවරු විශ්‍රාම යනවාද? ඒකයි මම කියන්නේ මේක සම්පූර්ණ බොරු කතාවක්...

නීතිඥවරු නියෝජනය කරන්න එක ප්‍රධාන සංගමයයි තියෙන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය. නීතිඥවරු බහුතරයක් විරුද්ධ නම් ඒ අය ඔය මහා සභා රැස්වීමට ඇවිල්ලා විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා ඔය 22ට විරුද්ධව ගෙනාපු යෝජනාව පරාද කරනවා. නීතිඥ සංගමයේ සාමාජිකයන් මේ සභාපතිතුමා කියන විදියට නටන්නේ නෑ. තමුන්ලා විරුද්ධ නම් ඇවිල්ලා කියනවා. ඔය ජනප්‍රිය නීතිඥවරු කියලා තැනින් තැන මේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙන නීතිඥවරු කීප දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ. එක මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා කටක් ඇරලා කිව්වේ නෑ එක විධායක කමිටු රැස්වීමකවත් මම මේකට විරුද්ධයි කියලා."

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.
යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.
මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.
වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

ප්‍රධාන පුවත්

ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.

යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..

අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.

කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා

2026 සැප්තැම්බර් 2 වැනිදා සමාජවාදී වියට්නාම් ජනරජයේ ජාතික දිනයේ 81 වැනි සංවත්සරය සනිටුහන් කරයි. 1945 වසරේ වියට්නාම නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට ඉතිහාසයේ නව යුගයක් ආරම්භ වූ ඓතිහාසික අවස්ථාව මෙම දිනය මගින් සිහිපත් කෙරේ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස බරපතළ කුමන්ත්‍රණ දෙකක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්

හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට පිටුපස රට බෙදීමේ සහ ඉස්ලාම් අන්තවාදය ආරක්ෂා කිරීමේ බරපතළ කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳව වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනෝමතිකව.. කිසිදු වාර්තාවක හෝ සාක්ෂියක ඔහුගේ නම නෑ.. – නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයන් රැසක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවත්, ඒ සඳහා කිසිදු නෛතික හෝ සාක්ෂිමය පදනමක් නොමැති බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පැවසීය.

සුරේෂ් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධීයි.. - මේජර් අජිත් ප්‍රසන්න

මේජර් ජෙනරල් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධී බව මවිබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න ප්‍රකාශ කරයි.

සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එයට වගකිවයුතුයි.. - ජාතික සංවිධාන එකමුතුව

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට අවධාරණය කරයි.

පළාත් සභාවලට අධිකරණ බලය?.. - 22 සංශෝධනයේ සැඟවුනු කතාව එළියට..

හිරු සලකුණ වැඩසටහනේදී එම වැඩසටහනට පැමිණි නීතිඥවරුන් විසින් 22 සංශෝධනය පිටුපස ඇති සැඟවුණු කරුණු රැසක් හෙළිදරව් කර ඇති අතර, 22 සංශෝධනයෙන් ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීම මගින් රටේ ඒකීය භාවයට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට ද එහිදී කරුණු අනාවරණය කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.