News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ ඉහළ උපදේශකයෙකු සෙනසුරාදා ඊශ්‍රායල භූමියට හදිසි ප්‍රහාරයක් දියත් කළ පලස්තීන සටන්කාමීන්ට සිය “සුබ පැතුම්” පිරිනමා ඇති බව අර්ධ නිල ඉරාන ප්‍රවෘත්ති සේවයක් වන ISNA පවසයි.

"අපේ දේ බලාගන්න අපට පුළුවන්" යැයි පසුගියදා ජාත්‍යන්තරය හමුවේ පාරම්බෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ කරන්නේ අපේ මිල්කෝ සමාගම ඉන්දියාවේ අමූල් සමාගමට විකුණා දමා දැයි ජාතික ගොවි ව්‍යාපාරය ප්‍රශ්න කර සිටියි.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ආර්. සර්වනරාජා ඉල්ලා අස්වීමට කුරුන්දි විහාරය සම්බන්ධ නඩුවත්, භික්ෂූන් වහන්සේ නමක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධ බවට සමාජ මාධ්‍යයේ වාර්ථා පළ වූ බවත්, ඇතැම් නීතිඥවරු ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරින් මෙම සිදුවීම දඩමීමා කරගනිමින් රාජ්‍ය අපහසුතාවට පත්කිරීමට උත්සාහ දරන බවත් ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබියදී රට බංකොලොත් බවට ප්‍රකාශ කර ණය ගෙවීම පැහැරහැරීම කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඉන්දික තොටවත්ත මහතා පරිගණක අපරාධ අංශයට ගෙන්වාගත් ආකාරය පිළිබඳව කම්පාවන බවත්, ඇස් දෙකම නොපෙනෙන, විශිෂ්ට දාර්ශනික චින්තනයක් සමාජගත කරන ඔහු වැනි පුද්ගලයකු අපහසුතාවට පත්කිරීම නොසුදුසු බවත් පාතේගම ඥානිස්සර හිමියෝ පවසති.

ඊශ්‍රායලයට ඇතුළු වූ පලස්තීන හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයින් 40 ක් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එක් බහුජාතික සමාගමකින් රු. මිලියන 2000ක් අයකර ගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය සම්මත කිරීම රාජ්‍ය මුදල් කාරක සභාව විසින් දිගින් දිගටම පමාකරමින් ඇති බවත් , මෙම ගැසට් නිවේදනය ඔක්තෝබර් 16 වැනි දායින් අවලංගු වීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තුවට සම්මත කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන ගැසට් නිවේදනයක් සම්මත කිරීම හෝ නොකිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බවත්, එය වැළැක්වීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට බලයක් නොමැති බවත් පැහැදිලි කරුණකි.

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ක කාලය සඳහා තව දුරටත් දීර්ඝ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


දේශීය පුවත්

දිවුලපතාන සිංහල ගොවීන්ට වෙලා තියෙන දේ.. ඊයෙත් හරක් 500ක් ආවා..

දිවුලපතාන සිංහල ගොවීන්ගේ වගා බිම්වලට දෙමළ ජනයා විසින් ගවයන් මුදාහැරීම දිගින් දිගටම සිදුවෙමින් ඇති පසුබිමක එම ගොවීන් ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පවසන්නේ තමන්ගේ මෙම ප්‍රශ්නය විසඳා දීමට ආණ්ඩුවේ බලධාරීන් හෝ නිලධාරීන් හෝ කිසිවෙකු මැදිහත් නොවන බවයි.

නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.

සර්බියානු ශිෂ්‍ය අරගලකරුවෝ වසර 14ක පාලනය ඡන්දයකින් බිඳදමති..

සර්බියාවේ පැවති හදිසි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඓතිහාසික පෙරළියක් සිදු කරමින් එරට වසර 14කට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ පාලන අධිකාරිය නිමා කිරීමට ශිෂ්‍ය නායකත්වයෙන් යුත් ව්‍යාපාරය සමත්ව තිබේ.

බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමි

බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

නාමල්ට අධි චෝදනා..

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධි චෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් රුසියාවට.. – ජනපති පුටින් හමුවීමටත් සූදානමින්..

ගෑස් අපනයනය කරන රටවල සංසදයේ (GECF) 8 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් රුසියාව වෙත ළඟා වී තිබේ.

සුපිරි ක්‍රීඩකයාගේ බිරිඳ සීගිරියේ ඉඩම් ජාවාරමක.. වසර 5ක් ගතවී ඇතත් සීඅයිඩී වාර්තාවක් නෑ..

ලෝක පූජිත ශ්‍රී ලංකික ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විසින් ඓතිහාසික සීගිරිය ආසන්නයේ පිහිටි වටිනා රජයේ ඉඩමක් කූට ලේඛන මඟින් වංචනික ලෙස අත්පත් කරගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව වසර පහක කාලයක් ගතවී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ලබා දී නොමැති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනාවරණය කරයි.

නාමල් අධිකරණයට රැගෙන එයි..

එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට අධිකරණයට රැගෙනවිත් තිබේ.

ෆිදෙල් සහ ගෝලීය දකුණ: ෆිදෙල් කස්ත්‍රෝගේ 100 වැනි ජන්ම සංවත්සර සැමරුම සහ විශේෂ දේශනය කොළඹදී..

කියුබානු විප්ලවවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතාගේ 100 වැනි ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා - කියුබා මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් සහ දේශනයක් 2026 ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා පස්වරු 3:30 ට කොළඹ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.