පාස්කු ප්‍රහාරය ගැන කිසිඳු ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන්නේ නැහැ - ජනපති රනිල් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියයි
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ "Deutsche Welle" හෙවත් ටෙලිවිෂන් ජර්මනි සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.
එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියා යොමුකළ ප්‍රශ්න හමුවේ ජනාධිපතිවරයා තරමක් අවේගශීලිව පිළිතුරු ලබාදුන් අතර එහිදී ඔහු අවධාරණය කළේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බවයි.
එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකාව සහ ආසියාතිකයින්ට පමණක් මෙවැනි ආකාරයේ පරීක්ෂණ සිදුකරන ලෙස ප්‍රකාශ කරන්නේ කුමන කරුණු මත පදනම්ව දැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයින් පමණක් යොදාගෙන බව සදහන් කළ ජනාධිපතිවරයා කතෝලික රදගුරු සම්මේලනයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදීයාගෙන් විමසා සිටියේය.
එහිදී ඩොයිෂ් වෙල් මාධ්‍යවේදීයා පැවසුවේ තමන් එවැන්නක් සිදුනොකළ බවයි.
එසේ නම් ඔබට මෙම ප්‍රශ්න ඇසීමට කිසිදු අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි