රටට මිලියන 2000ක් අහිමිකරමින් ගැසට්ටුව පමා කිරීම මගින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කළ හර්ෂ ද සිල්වා තමාගේ වරප්‍රසාද කඩවූ බවට ගෝරනාඩු කරයි
Oct 7, 2023 at 09:48 AM
|
පාර්ලිමේන්තුවට සම්මත කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන ගැසට් නිවේදනයක් සම්මත කිරීම හෝ නොකිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බවත්, එය වැළැක්වීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට බලයක් නොමැති බවත් පැහැදිලි කරුණකි.
එහෙත් මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා ඔක්තෝබර් 16 ට පෙර සම්මත කළ යුතු සහ ඒ සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ගැසට් පත්‍රය පමා කිරීම නිසා රටට රුපියල් මිලියන 2000 ක් අහිමි වේ.
ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට සහ කථානායකවරයාට දැනුම්දීමේ බලයක් පරමාධිපත්‍ය හිමි මහජනයාට ඇත.
එසේ තත්ත්වය පැහැදිලි කිරීම මගින් කමිටු සභාපතිගේ වරප්‍රසාද කඩවූ බවට පැවසීම මෝඩ කතාවක් බව තේරුම් ගැනීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත.
ලංකා ලීඩර් මෙම පූර්විකාව ලියන්නේ බහුජාතික සමාගමකට රු. මිලියන 2000 ක ලාභයක් ලබාගැනීමට ඉඩ සැලසීම සඳහා තමාගේ වගකීම පැහැර හරින ලද හර්ෂ ද සිල්වා තමාගේ වරප්‍රසාද කඩවූ බවට පාර්ලිමේන්තුවේ දී ගෝරනාඩු කිරීම නිසාය.
වීඩියෝව නරඹන්න...