ජනපති රනිල් "අපේ දේ බලාගන්නේ" අපේ "MILCO" ඉන්දියාවේ "Amul"ට විකුණලාද? - ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්
"අපේ දේ බලාගන්න අපට පුළුවන්" යැයි පසුගියදා ජාත්‍යන්තරය හමුවේ පාරම්බෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ කරන්නේ අපේ මිල්කෝ සමාගම ඉන්දියාවේ අමූල් සමාගමට විකුණා දමා දැයි ජාතික ගොවි ව්‍යාපාරය ප්‍රශ්න කර සිටියි.
එය "ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" ආකාරයේ ක්‍රියාවක් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය ජාතික සම්පත් විකුණන් කෑමේ සුපුරුදු මාවතේම ගමන් කිරීම මිස අන් කිසිවක් නොවන ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පෙන්වා දෙයි.
අද(08) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය.
'මුල්ම අනාවරණය'
"රටේ අනගිතම සම්පතකට ජනාධිපතිවරයා ඉව අල්ලන බවට මුල්ම අනාවරණය ජාතික ගොවි ව්‍යාපාරය විසින් සිදු කළා. එනම් පසුගිය සැප්තැම්බර 10 වැනිදා ජාතික ගොවි ව්‍යාපාරයේ අපි රටට මුල්වරට හෙළි කළා 'අපේ මිල්කෝ ආයතනයත් එහි සියලු දේපළත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපල 31කුත් විකිණීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා' කියා. දැන් ඒ මහා ජාතික අපරාධය කිරිම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන ඉඩම්, දේපළ, සතුන්, තක්සේරු කරන්නත් පටන් අරගෙන ඉවරයි. ඊට අමතරව මිල්කෝ අයාතනයේ කිරිපිටි නිෂ්පාදනය වන 'හයිලන්ඩ්' සන්නාමය සම්පූර්ණයෙන්ම විකිණීම සඳහා නව කැබිනට් පත්‍රිකාවකුත් දාලායි තියෙන්නේ. එහි නිෂ්පාදන කර්මාන්ත ශාලා 04, බෙදාහැරිමේ මධ්‍යස්ථාන 12, කිරි සීත කිරිමේ මධ්‍යස්ථාන 93 මේ ඔක්කොම ගෙඩිය පිටින් 'අමූල් කාරයාට' දෙන්නයි සූදානම් වෙන්නේ.
"ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ"
දැන් මොකක්ද මේ වෙන්නේ? රටේ නායකයා ජර්මන් මාධ්‍යවේදීයෙක් ඉස්සරහට ගිහින් කියනවා, 'අපිට අපේ රටේ දේවල් බලාගන්න පුළුවන් ඒවාට කවුරුත් ඕනෙ නැහැ' කියලා. එහෙම පුරාජේරුවක්" ගහලා ඇවිත් මොනවාද මේ කරන්නේ? අපි අහනවා ජනාධිපතිවරයාගෙන්, 'මිල්කෝ ඒක අපේ නොවෙයිද? ඒක බලාගන්න, හදාගන්න අපිට බැරි නිසාද ඉන්දියාවේ අමූල් කාරයාට ඒක විකුණන්නේ?' කියලා. ඒ වගේම අපි අහනවා, 'රිදියගම ගොවිපළ, බෝපත්තලාව ගොවිපළ, ඩයගම ගොවිපළ, ආඬිගම ගොවිපළ, ඔයාමඩුව ගොවිපළ අපේ නොවෙයිද? ඇයි ඒවා විකුණන්නෙ? කියලා. මේකට තමයි කියන්නේ 'ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ' කියලා.
'පේ රෝල්වල' හිටපු දේශපාලකයෝ
අපේ රටේ දේශීය කිරි අවශ්‍යතාවයෙන් තාම අපිට සපුරාගන්න පුළුවන් වෙලා තියෙන්නේ 35%යි. ඉතිරිය 65%යි. මේ 65% නිපදවීමේ අපේ රටේ කිරි නිෂ්පාදන කේෂ්ත්‍රයේ ව්‍යපාරික අවකාශය, එහෙම පිටින්ම ඉවර කරනවා. කිරි මිල තීරණය කිරිම 'අමූල්ලාට' බාර දෙනවා. අපේ රටේ ඉන්න කිරි ව්‍යවසායකයන්ට බදු පිට බදු ගහනවා. ඔවුන් වට්ටලා 'අමූල්ලාට' බදු විරාම දෙනවා. එතකොට දේශීය කිරි කර්මාන්තයට මොකද වෙන්නේ? ඉබේම අමූල් ඒකාධිකාරය පැලපදියම් වෙනවා. දේශීය කිරි කර්මාන්තය නංවලා, කිරිපිටි ගෙන්වීමට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 56ක මුදල ඉතිරිකර ගන්න හොඳටම පුළුවන්කම තියෙද්දියි මේ අපරාධය කරන්නේ. රටට වසරකට කිරි ලීටර් මිලියන 1300ක් අවශ්‍ය වෙනවා. ඒත් නිපදවන්නේ කිරි ලීටර් මිලියන 420ක්. රටේ කිරි නිෂ්පාදනය අඩු වුණේ ආනයනික කිරිපිටි සමාගම්වල 'පේ රෝල්වල' හිටපු දේශපාලකයෝ හා නිලධාරීන් නිසා නොවෙයිද? පහුගිය කාලයේ කිරි නිෂ්පාදනය වැඩි කරනවා කියමින් ජනතා බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කළත් ඒවාට මොකද වුණේ?
කිරි ගොවියාට මොකද වෙන්නේ?
අපේ රටේ කිරි නිෂ්පාදනය විදේශීය සමාගම් අතට පත්කළාම කුඩා පරිමාණ කිරි ගොවියාට මොකද වෙන්නේ? ඔහු තමයි දැනට සිදු කරන නිෂ්පාදනයෙන් පවා 90%කට දායක වන්නේ, මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයින්ට මොකද වෙන්නේ? ඔවුන් තමයි දැනට සිදුවන නිෂ්පාදනයෙන් 6.5%කට දායක වෙන්නේ. මහා පරිමාණ කිරි ව්‍යවසායකයාට මොකද වෙන්නේ? ඔවුන් තමයි දැනට සිදු වන නිෂ්පාදනයෙන් 3.5%කට දායක වෙන්නේ.
කෘෂි ඇමති නිහඬයි
කෘෂි ඇමතිට කිරි ගොවියා වෙනුවෙන් කට අරින්න බැරි ගව මුඛ රෝගයද? කැබිනට් මණ්ඩලයේදී මේ අපරාධයට අත උස්සපු, කිරි ගවයන්ට වැළදෙන මුඛ රෝගය හැදිලා වගේ 'බකන් නිලං' ඉන්න ඇමති අමරවීරගෙන් අපි අහනවා, 'ගමේ තියෙන වීරවිල ගොවිපළ සහ රිදියගම ගොවිපළ විකිණීමට අත උස්සපු වේලාවේ ගව මුඛ රෝගය උත්සන්න වෙලාද හිටියේ? කියලා. මතක තියාගන්න, 'අමුල් කාරයා' මේ එන්නේ ජාතියේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න නොවෙයි, කියලා.
ඉන්දියාවේ උවමනාව
මේ අමුල් සමාගම එන්නේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉඩම් ටිකට වැඩේ දෙන්න කියලා, තේරුම් ගන්න බැරිද? ඇයි හම්බන්තොට ගොවිපළ දෙක උපායමාර්ගිකව ඉන්දියාවට වැදගත් වෙන්නේ? චීනය හම්බන්තොට වරාය ගත්ත නිසා නොවෙයිද? මේ ගොවිපළවල ඉඩම් තියෙන විදිහ බලන්න. රිදියගම ගොවිපළ අක්කර 1308.5, බෝපත්තලාව ගොවිපළ අක්කර 1133, නිකවැරටිය ගොවිපළ අක්කර 1054, ඔයාමඩුව ගොවිපළ අක්කර 1477, පරසන්ගස්වැව ගොවිපළ අක්කර 1632, හම්බන්තොට වීරවිල ගොවිපළ අක්කර 472. මේ විදිහට ඩයගම,රොසිටා,මැණික්පාලම,මහබේරිතැන්න, කරඳගොල්ල, හාරගම මරදවිල, මැල්සිරිපුර ,බෙලිගම පොළොන්නරුව,ආඩිගම, ගල්පොකූණ,කොවුල්වැව, නාරංගල්ල,හොරකැලේ, මාරවිල, මිරිස්වත්ත, වැලිසර, නිකවැරටිය, පරසන්වැව, වැලිකන්ද, කොට්ටුකච්චිය, පලෙයි ආදී ප්‍රදේශවල ඇති ගොවිපළවල මුළු භුමි ප්‍රමාණය අක්කර 29733.54ක්.
ඉන් අක්කර 10149.23ක පොල් වගා කරලා තියෙන්නේ. තව අක්කර 138ක රබර් වගා කරලා තියෙන්නේ.
මේවාට තමයි 'අමුල් කාරයා' කෙළ හලන්නේ.
'කිරි ගොවි සමාජ ආරක්ෂණ අරමුදලට' අබ සරණයි!
කිරි ගොවි සමාජ ආරක්ෂණ අරමුදලක් තියෙනවා. ඒ කිරි ගොවියාගේ සුබසාධනය සඳහායි. මේ සියල්ල ජාතියට අහිමි කරන්න තමයි මේ සුදානම් වන්නේ. අපේ රටේ පාසැල් දරුවන්ට අපේ කියලා පෙන්වන්න තිබුණු මිල්කෝ කිරි කර්මාන්ත ශාලාව මෙතැනින් පසු අපට අහිමි වෙනවා. ඒ ජාතික අපරාධයට තමන්ගේ ධුර කාලයේ කෘෂිකර්මාන්තය 'ගෝතකර්මයක්' බවට පත් කළ මහින්ද අමරවීරගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා සියලුදෙනා වගකිවයුතුයි. අපි මේ රටේ සියලු ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලනවා, 'මේ ජාතික අපරාධය සිදු කිරීමට ඉඩ දෙන්න එපා!' කියලා."
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි