ඊශ්‍රායලයට එල්ලවු හමාස් ප්‍රහාරය ටෙහෙරානය අගයයි - මාධ්‍ය
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ ඉහළ උපදේශකයෙකු සෙනසුරාදා ඊශ්‍රායල භූමියට හදිසි ප්‍රහාරයක් දියත් කළ පලස්තීන සටන්කාමීන්ට සිය “සුබ පැතුම්” පිරිනමා ඇති බව අර්ධ නිල ඉරාන ප්‍රවෘත්ති සේවයක් වන ISNA පවසයි.
“අපි පලස්තීන සටන්කරුවන්ට සුබ පතනවා,” මේජර් ජෙනරාල් යාහියා රහීම් සෆාවි පවසා ඇතැයි ප්‍රවෘත්ති මූලාශ්‍ර වලට අනුව පැවසේ., ටෙහෙරානය “පලස්තීනය සහ ශුද්ධ ජෙරුසලම මුදා ගන්නා තෙක් ඔවුන්ගේ පැත්තේ සිටින” බවට ඉරානය පොරොන්දු වු බවද ISNA පවසයි.
ඊයේ (08) පැවැති පලස්තීන ළමුන් සහ නව යොවුන් වියේ සහයෝගීතාවය පිළිබඳ 6 වැනි ජාත්‍යන්තර සමුළුවේදී ඉරාන අගනුවර වන ටෙහෙරානයේ දී අදහස් දක්වමින් සෆාවි පැවසුවේ “අපි අල්-අක්සා කුණාටු මෙහෙයුමට සහාය දෙනෙන්මු.” යනුවෙනි.
හමාස් සටන්කාමීන් ඊයේ (10 ) අලුයම ඊශ්‍රායල භූමියට ඇතුළු වීමත් සමඟ ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයේ පිහිටි සමහර ප්‍රදේශ හමාස් සංවිධානය විසින් පාලනයට නතු කර ගත් බවද පුවත් වාර්තා සඳහන් කරයි. මේ අතර සමහර ඊශ්‍රායල පුරවැසියන් සහ සොල්දාදුවන් වහල්භාවයට ගෙන ඇති බව ද පුවත් වාර්තා පෙන්වා දේයි.
ඊශ්‍රායල බලධාරීන් පැවසුවේ පසුගිය වසරවල ගැටුම් උත්සන්න වූ කලාපයක් ලෙස හඳුනාගත් ප්‍රදේශයේ සිදු වූ විශාලතම ප්‍රහාරවලින් එකක් වන පසුගියදා සිදු ප්‍රහාරයේදී යුදෙව් රාජ්‍යය දෙසට රොකට් ප්‍රහාර 2,000 කට වඩා වැඩි ප්‍රමාණයක් එල්ල කළ බවයි. මූලික ඇස්තමේන්තු වලට අනුව 500 කට වැඩි පිරිසක් ඊශ්‍රායල රෝහල්වල ප්‍රතිකාර ගැනීම සඳහා ඉදිරිපත් වී ඇති අතර ඔවුන්ගෙන් 22 දෙනෙකු මිය ගොස් ඇත.මේ වන විට ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
සමහර ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සෙනසුරාදා හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූයේ තම අසුන්වලින් නැගිට “ඊශ්‍රායලයට මරණය” සහ “පලස්තීනය ජයග්‍රහණය කරනව, ඊශ්‍රායලය විනාශ වනවා” යනුවෙන් හඬ නඟමින් බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය උපුටා දක්වමින් රොයිටර්ස් පැවසීය.
ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලය කෙරෙහි ඇති හවුල් සතුරුකම හේතුවෙන් පලස්තීන සටන්කාමී කණ්ඩායමට ඉරානය දිගු කලක් තිස්සේ සහයෝගය දක්වා ඇත. ඉරානය හමාස් සංවිධානයට මූල්‍ය සහ දේශපාලන සහය මෙන්ම ආයුධ සහ තාක්‍ෂණය ලබා දුන්නේ ඊශ්‍රායල භූමියේ මධ්‍ය ප්‍රදේශයටම පහර දිය හැකි දිගු දුර අවි ගබඩාව ශක්තිමත් කිරීමට බව ප්‍රකාශ කර ඇත.
කෙසේ වුවද ඉරානය හමාස් සංවිධානයට සහාය දක්වන ආකාරය මෙතෙක් සෘජුව හෙළි කර නැත. ඊශ්‍රායලයේ ස්ථානගතවූ හමාස් කන්ඩායම විසින් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරාන අනුදැනුමකින් හෝ සම්බන්ධයකින් තොරව බව මීට පෙර ඊශ්‍රායල බුද්ධි අංශ තීරණය කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..