News Category
From Date
To Date
Maximum Number of Result

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

Sep 14, 2026 at 05:15 AM
|

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ. 

මෙම පැමිණිල්ල පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපතිනී රෙෆිල්වේ ට්ෂ්වේනි-ත්සිපානේ සහ එහි මහලේකම් ස්ටීවන් ට්විග් යන මහත්ම මහත්මීන් වෙත ලිපියක් මගින් යොමු කර ඇත.

අදාළ ලිපිය මගින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කථානායකවරයාගේ නිල රාජකාරීවලට අදාළව අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් සිදුවන බැවින්, ඔහු තවදුරටත් ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 10 වන දින තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ වරප්‍රසාද ප්‍රශ්නය කථානායකවරයා විසින් යටපත් කළ බවයි. 

මෙම කාරණය පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට අපේක්ෂා කළද, ඊට අවසර නොදී තමන්ම අධ්‍යයනය කළ යුතු බව පවසමින් කථානායකවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ. 

චෝදනාවට ලක්ව සිටින පුද්ගලයාම තමන්ට එරෙහි පැමිණිල්ල විභාග කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට මෙන්ම ආයතනික අපක්ෂපාතීත්වයට බරපතළ හානියක් බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එසේම වෙනත් විවාදයකදී මේ පිළිබඳව අදහස් දැක්වීමට ගිය අවස්ථාවේදීද කථානායකවරයා සිය කතාව නතර කිරීමට කටයුතු කිරීම මගින්, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත යටතේ හිමිවන භාෂණයේ නිදහස උල්ලංඝනය වී ඇතැයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් චෝදනා කරයි. 

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය, ආයතනික අපක්ෂපාතීත්වය සහ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන ලෙසත්, කථානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් මන්ත්‍රීවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයෙන් ඉල්ලා සිටී.

සම්බන්ධිත පුවත් | Related News

අධිකරණයට තිබූ අධිකරණ බලය ජනාධිපතිගේ විධායකයේ නියෝජිතයකු අතට ගැනීමට සැරසෙන බවත්, වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට යැයි පවසමින් අල්ලස් පනත සංශෝධනය කරන්නේ ද මේ සඳහාම බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ විනිසුරුවරුන් විසින් තීරුබදු රහිත (Duty-free) වාහන බලපත්‍ර භාවිත කරමින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් මගින් අධිකරණ පද්ධතියේ වෘත්තීය සදාචාරය සහ පරම පවිත්‍රතාවය බිඳවැටෙන බවය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.
ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීම, සුනඛ ගහනය විධිමත්ව පාලනය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් සකස් කරන ලද ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ’ නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
පොලිසියත් මේ වන විට දේශපාලනීයකරණය කරගෙන යන බවත්, එක් පැත්තකින් මේ රටේ අධිකරණය විනාශ කරමින් පවතින අතර, අනෙක් පැත්තෙන් පොලිසියේ ස්වාධීනත්වය කෙලෙසමින් ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඊයේ (12) දහවල් නව දිල්ලි නුවරට ළඟා විය.

ප්‍රධාන පුවත්

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.