News Category
From Date
To Date
Maximum Number of Result

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න රුසියාව දන්නා නමුත් නියෝගය ලබා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැන් විමර්ශනය කරමින් සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (25) ප්‍රකාශ කළේ යුක්රේනය වැරදිකරුවෙකු විය හැකි බව පෙන්වා දෙමිනි.

සුදු ජාතිකයන් මේ රටට නිදහස ලබාදෙන විට නිදහස එපා කියූ පැලැන්තියක් මේ රටේ සිටි බවත්, නිදහස් අධ්‍යාපනය රටේ සාමාන්‍ය දූදරුවන්ට ලබාදීමට යන විට නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූ ප්‍රභූ පැලැන්තියක් ද මේ රටේ සිටි බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ඒ මහතාගෙන් පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

‘මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමන් ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු තමන් ලග තියාගෙන එය පොලීසියට දෙන් නෑ කීම හරහා එතුමන් හත්වසරක් හිරේ යන්න වරදක් කරලා තියෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

වෙළඳපොළ තුළ කෘතිම හාල් හිඟයක් පෙන්වා සහල් ආනයනය කිරීමේ සැලසුමක් පවතින බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

පුද්ගලයන් 130කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් පසුගිය 22 වනදා "ක්‍රොකස් සිටි හෝල්" ප්‍රහාරයෙන් පසුව රුසියානු ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත් වූ පසුවූ පුදගලයන් පිරිසක් මොස්කව් අධිකරණයට ඊයේ(24) සවස ඉදිර්පත් කරනු ලැබීය.

රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකින බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වාණිජ මහාධිකරණවල සියලුම වාර්තා සහ නඩු කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට අවසර දෙමින් අධිකරණ ඇමැතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.