
හමුදාවේ ඉහළම නිලධාරියෙක් අරගලයට වෙඩි තියන බව කළින්ම දැනුම් දුන්නා... සුදු ලෝගුවට අරගයේදී වෙනම බලයක් අපි හැදුවා - අරගල නායකයකු කියයි (වීඩියෝ)
අරගලය ගාළු මුවදොර ක්‍රියාත්මක වෙද්දී එයට සමාන්තරව තවත් වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක වූ බවත්, ඉන් එකක් වන්නේ තානාපති කාර්යාල සමග සම්බන්ධීකරණය වීම බවත්, ගෝඨාභය රාජපක්ෂ අරගලය විසුරුවා හැරීමට මිලිටරි බලය යොදවා නොගත් බව බොහෝ දෙනෙකු පැවසූව ද අරගලයට වෙඩි තැබීමට ඔහු උත්සාහ දැරූ බවත් අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ෂෙහාන් මාලක මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ මැයි 9 වන දා රාත්‍රියේ රටේ ඉහළම තනතුරක සිටින හමුදා නිලධාරියකු තමන්ට දුරකථනයෙන් අමතා තමන් දන්නා අය සිටී නම් අරලියගහ මන්දිරය අසලින් ඉවත්කරගන්නා ලෙසත්, තවත් විනාඩි 10කින් වෙඩි තබන බව එම නිලධාරියා පැවසූ බවත්ය. (වීඩියෝවේ 24 - 25 මිනිත්තු බලන්න.)
එම අවස්ථාවේ තමන් ඇතුළු කණ්ඩායමක් එහි ගිය බවද, ඒ මොහොතේ එම ස්ථානයේ වෙඩි තැබීම් සිදුවූ බවද ඔහු සඳහන් කරයි.
අරගලකරුවන් ඒ අවස්ථාවේ දී ඉදිරියටම ගියා නම් අරගලය විසඳෙන්නේ මේ ආකාරයෙන් නොවන බවත් ඔහු සඳහන් කරයි.
ඕමල්පේ සෝභිත හිමියන් මෙන්ම කාදිනල් හිමියන් ද ඕනෑම මොහොතක අරගලයේ සහායට පැමිණීමට එම අවස්ථාවේ ඉදිරිපත්ව සිටි බවත්, ඒ වන විටත් කතෝලික හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් අරගල භූමියේ සිටි බව හා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිණිතබන මොහොතේ කන්‍යා සොහොයුරියන් හා පියතුමන්ලා එය වැළැක්වීමට පැමිණි බවත් ඔහු පවසයි. (වීඩියෝවේ 37 - 38 මිනිත්තු බලන්න.)
ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරයේ කාමර සියල්ලටම කන්‍යා සොහොයුරියන් පියතුමන්ලා විසින් පිරවූ බවද, ජනාධිපතිවරයා අද වාඩිවි සිටින ජනාදිපති පුටුව ආරක්ෂාකර දුන්නේ ද අරගලකරුවන් වටා ඒකරාශි වූ පිරිස් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ගෝල්ෆේස් අරගලයේ දී කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් දැවැන්ත මෙහෙයක් ඉටුකළ බවත් පවසන ඔහු, මෙම අරගලයේ දී සුදු ලෝගුවට වෙනම බලයක් නිර්මාණය කළ බවත් සඳහන් කරයි. (වීඩියෝවේ 39 - 40 මිනිත්තු බලන්න.)
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
