හමුදාවේ ඉහළම නිලධාරියෙක් අරගලයට වෙඩි තියන බව කළින්ම දැනුම් දුන්නා... සුදු ලෝගුවට අරගයේදී වෙනම බලයක් අපි හැදුවා - අරගල නායකයකු කියයි (වීඩියෝ)
අරගලය ගාළු මුවදොර ක්‍රියාත්මක වෙද්දී එයට සමාන්තරව තවත් වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක වූ බවත්, ඉන් එකක් වන්නේ තානාපති කාර්යාල සමග සම්බන්ධීකරණය වීම බවත්, ගෝඨාභය රාජපක්ෂ අරගලය විසුරුවා හැරීමට මිලිටරි බලය යොදවා නොගත් බව බොහෝ දෙනෙකු පැවසූව ද අරගලයට වෙඩි තැබීමට ඔහු උත්සාහ දැරූ බවත් අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ෂෙහාන් මාලක මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ මැයි 9 වන දා රාත්‍රියේ රටේ ඉහළම තනතුරක සිටින හමුදා නිලධාරියකු තමන්ට දුරකථනයෙන් අමතා තමන් දන්නා අය සිටී නම් අරලියගහ මන්දිරය අසලින් ඉවත්කරගන්නා ලෙසත්, තවත් විනාඩි 10කින් වෙඩි තබන බව එම නිලධාරියා පැවසූ බවත්ය. (වීඩියෝවේ 24 - 25 මිනිත්තු බලන්න.)
එම අවස්ථාවේ තමන් ඇතුළු කණ්ඩායමක් එහි ගිය බවද, ඒ මොහොතේ එම ස්ථානයේ වෙඩි තැබීම් සිදුවූ බවද ඔහු සඳහන් කරයි.
අරගලකරුවන් ඒ අවස්ථාවේ දී ඉදිරියටම ගියා නම් අරගලය විසඳෙන්නේ මේ ආකාරයෙන් නොවන බවත් ඔහු සඳහන් කරයි.
ඕමල්පේ සෝභිත හිමියන් මෙන්ම කාදිනල් හිමියන් ද ඕනෑම මොහොතක අරගලයේ සහායට පැමිණීමට එම අවස්ථාවේ ඉදිරිපත්ව සිටි බවත්, ඒ වන විටත් කතෝලික හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් අරගල භූමියේ සිටි බව හා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිණිතබන මොහොතේ කන්‍යා සොහොයුරියන් හා පියතුමන්ලා එය වැළැක්වීමට පැමිණි බවත් ඔහු පවසයි. (වීඩියෝවේ 37 - 38 මිනිත්තු බලන්න.)
ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරයේ කාමර සියල්ලටම කන්‍යා සොහොයුරියන් පියතුමන්ලා විසින් පිරවූ බවද, ජනාධිපතිවරයා අද වාඩිවි සිටින ජනාදිපති පුටුව ආරක්ෂාකර දුන්නේ ද අරගලකරුවන් වටා ඒකරාශි වූ පිරිස් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ගෝල්ෆේස් අරගලයේ දී කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් දැවැන්ත මෙහෙයක් ඉටුකළ බවත් පවසන ඔහු, මෙම අරගලයේ දී සුදු ලෝගුවට වෙනම බලයක් නිර්මාණය කළ බවත් සඳහන් කරයි. (වීඩියෝවේ 39 - 40 මිනිත්තු බලන්න.)
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්