
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට විදුලි පනත ගැන තීරණයක් ගන්න වෙන්වා.... තම පක්ෂයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහනවාද කියලා - ජාතික සංවිධාන කියයි
විදුලි පනතට එරෙහිව ලබාදී ඇති අධිකරණ තීන්දුව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"අධිකරණ තීන්දුවේ සඳහන් වන වගන්ති දෙක සංශෝධනය කිරීම සුළු දෙයක්. විජයදාස රාජපක්ෂට අධිකරණ නියෝග වලට හරියන ආකාරයට වගන්ති සංශෝධනය කරලා හොඳ පුරුද්දක් තියෙනවා. ඒ නිසා විවාදයේ කාරක සභා අවස්ථාවේ දී පොඩි සංශෝධනයක් ගෙනත් සාමාන්‍ය බහුතරයෙන් පනත සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවට කිසිඳු සැකයක් නැහැ.
නමුත් පොහොට්ටුවේ මන්ත්‍රිවරු තමන්ගේ ජනවරමට පිටුපා මෙම පනතට සහාය දුන්නොත් ඔවුන් ඒ කරන්නේ තමන්ගේම දේශපාලන මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගසා ගැනීමයි. මේ අපරාධය කළාට පසුව ඔවුන්ට ඡන්දය ඉල්ලීම කෙසේ වෙතත් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා. ඔවුන් ජනාධිපතිගේ පදයට නටන හැටි දැක්කහම හිතෙන්නේ ඔවුන් වරප්‍රසාද වලට යට වෙලා රට පාවා දෙනවා, නැතිනම් ඔවුන් රටේ මිනිසුන්ට වෛර කරනවා, එසේත් නැතිනම් දෙවියන්ගේ හාල් කැවිලා කියල තමයි. මහින්ද රාජපක්ෂට අඩුතරමින් තමන් ලියූ ලිපිය අනුව කටයුතු කරන්න බැරි නම් ඔහුගේ පමණක් නොවේ නාමල්ගේත් දේශපාලනය අවසන් වෙනාවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
