News Category
From Date
To Date
Maximum Number of Result

මහා සංඝරත්නයට සහ රටේ සමාජ සංස්ථාවට දිගින් දිගටම සිදුවන පහර දීම දීර්ඝ කාලීන න්‍යායපත්‍රයකට අනුව සිදුවන බවත්, රටේ පවතින අර්බුදය මැද එය උච්චම තැනට ගෙනවිත් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

නිවැරදි විදේශ ප්‍රතිපත්තියකට අනුව ලොව සැබෑ මිතුරන් සමඟ සිටගන්නා, දේශීය නිෂ්පාදන ආර්ථිකය බිය නැතුව පණගන්වන, මෙරට කුඩා ආර්ථිකය ඉදිරි දශක කිහිපය තුළ ලොව බලසම්පන්න ආර්ථිකයක් බවට පත්කිරීමේ දැක්ම සහිත නායකත්වයක් අද රට ඉල්ලා සිටින බවත් එසේම "ලන්සි -පැපොල්" වර්ගයේ හෝ "කයිවාරු" පන්නයේ නායකත්වයන්ට රට හමුවේ වන අභියෝගය ජයගත නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව ඇතමුන් පවසන බවත්, ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ විප්ලවයෙන් පසු හවානා නුවර ආපණශාලාවක කෑම ගනිමින් සිටිය දී කියුබාවේ ගණිකා වෘත්තිය නැති කරන බව පවසද්දී කැස්ත්‍රෝට වසදීමට සූදානම්ව සිටි ආපන ශාලාවේ සේවකයකු එම කතාව අසා කැස්ත්‍රෝට වස දීමෙන් වැළකී සිටි බවත්, ලෝකයේ සිදුවූ බලපෙරළිවලින් සිදු කළේ ගණිකා වෘත්තිය වැනි දේ නැති කිරීම මිස නීතිගත කිරීම නොවන බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.

නුවර පෙරහර කිසිසේත්ම වෙනස් කිරීමට තමන් ඉතා අකැමැති බවත්, නුවර පෙරහරට අයත් ඓයිතිහාසික සම්ප්‍රදායෙන් එලෙසම පැවතිය යුතු බවත් විදේශිකයන් මෙන්ම දේශීය පුද්ගලයන්ද එම නැරඹීහට පැමිණෙන්නේ එවිට බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේ. ඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

2015 සිට මෙරට යුද්ධය අවසන් කළ වීරෝධාර රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වූ බවත්, ඒ සඳහා 30/1 නමින් යෝජනාවක් ගෙන ආ බව හා මේවන විටත් රණවිරුවන්ට හා රටේ ඒකීය භාවයට එරෙහිව පනත 7ක් මෙරට සම්මත වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ.

කොවිඩ් සමයේ පාසල් අධ්‍යාපනයට ඇති වූ බාධා මඟහරවා ගැනීම සඳහා වැඩසටහන් මෙහෙයවීමට ජාතික අධ්‍යාපන ආයතනයට 2020 වසරේදී ලබාදුන් රුපියල් පාළොස් කෝටියක මුදලින් කෝටි 12ක්ම එම අරමුණට පරිබාහිර කටයුතු සඳහා වෙන්කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ.


දේශීය පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.

"විශ්වාසභංගයෙන් ඇමති බේරගත්තාට වැඩක් වුණේ නැහැ" - චාමර සම්පත් දසනායක

විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

පොල්තෙල් ආනයන සමාගම් 5ක් රු.මිලියන 2891ක් රජයට බදු පොලු තියලා..

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

තරුණියන් තරුණයන් වරදට පොළඹවන ඔන්ලයින් ජාවාරමක් එළියට..

Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.