
යෝජිත විදුලි පනතට එරෙහිව "සර්වජන බලය" දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක
ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන "සර්වජන බලය" එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07 යෝජිත විදුලි පනතට එරෙහිව අද(05) පාර්ලිමේන්තුව වටරවුම අසල සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.
"සර්වජන බලය" එකමුතුවේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, 'යුතුකම' ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙම සාමකාමී උද්ඝෝෂණයට එක්ව සිටියහ.
නව විදුලි පනත මගින් විදුලිබල මණ්ඩලය අහෝසි කෙරෙන බවත් බාහිර රටවලින් විදුලිය මිලදී ගැනීම සඳහා එම පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇති බවත් ඒ අනුව ඉන්දියාවේ බලශක්ති පද්ධතිය සමග ශ‍්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හැකියාව ලැබෙන බවත් එවිට ශ‍්‍රී ලංකාවේ විදුලි පද්ධතියට ඉන්දියාවේ අනුකම්පාවට යටත්ව ක‍්‍රියා කිරීමට සිදුවන බවත් එම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ පෙන්වා දුන්හ.
රටේ බලශක්ති සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා නීතිය මඟින් ප‍්‍රතිපාදන සලසා තිබූ රටක එම නීතිමය ප‍්‍රතිපාදන පවා ඉවත් කර සමස්තය පුද්ගලීකරණය කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්වන බව ඉතා පැහැදිලි බවත් ඔවුහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්හ.
ඊට අමතරව පුද්ගලික අංශයේ ලාභ උවමනාවන්වල සහ ඒ ආශ‍්‍රිත කොමිස් ගෙවීම්වල බර දැරීමට පොදු මහජනයාට සිදුවනු ඇති බවත් එම නිසා නව පනත මගින් විදුලි බිල වැඩිවීමට අමතරව මහා විදුලි අර්බුදයක් ද නිර්මාණය වීමේ බරපතළ ඉඩක් ඇති බවත් "සර්වජන බලය" දේශපාලන එකමුතුවේ අදහසයි.
නව විදුලි පනත විදුලි ඇමැතිට ඉල්ලමක් විය හැකි වුවද රටට සහ ජනතාවට තිබෙන තත්ත්වයට වඩා මහා විපතක් කැඳවන හෙයින් රටත් ජනතාවත් කෙරෙහි අබමල් රොනක හෝ හැඟීමක් ඇති සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජිත විදුලි බල පනතට විරුද්ධ විය යුතු බවත් "සර්වජන බලය"දේශපාලන එකමුතුවේ නායකයෝ අවධාරණය කළහ.
මාධ්‍ය අංශය
"සර්වජන බලය" දේශපාලන එකමුතුව
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
