News Category
From Date
To Date
Maximum Number of Result

සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සැලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලට ගෙන දී ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වසරේදී පළ කළ පුවත අමූලික අසත්‍යයක් බවත්, එමගින් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව අද කැඳවා තිබිණි.

රත්නපුර ප්‍රදේශයේ මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණා දැමීමේ සූදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා බවත් ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල් කරුවන් ගේ මහා සංගමය සහ ගොවිජන එකමුතුව සඳහන් කරයි.

ඉදිරියේදී විකල්ප කණ්ඩායමක් ගෙනැවිත් රට හැදීමට සූදානම් බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියෝ සදහන් කරති.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කරනවාය පවසමින් මෑතක දී කරළියට පැමිණි වෛද්‍යවරයෙක් ඖෂධ නිෂ්පාදන සහ ආනයන සමාගම් වලින් කප්පම් ඉල්ලන බවට එම සමාගම් කිහිපයක් පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී තිබේ.

මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුව ඝාතනය කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනු ඊබ්‍රහිම් පාස්කු ත්‍රස්ත ක‍්‍රියාවට සම්බන්ධ බවක් එම ප‍්‍රහාරයට අදාල කිසිම විමර්ශන වාර්තාවක සඳහන් වී නැති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත.


දේශීය පුවත්

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ගාමන්ට් අරිනවා වහනවා තමයි.. එකක් වහන එක මහ දෙයක් නෙමෙයි.. - ලක්මාලි

Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණයට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.

විගණකාධිපති ලෙස ජනපතිගේ හිතවතෙක් පත්කරන්න හැදුවේ අරගලයේදී අතුරුදන් වූ ඉන්ධන කන්ටේනර් ගැන හෙළිවෙයි කියන බයටද? - දයාසිරිගෙන් අනාවරණයක් (වීඩියෝ)

අරගල කාල සීමාවේදී තෙල් සංස්ථාවේ ඉන්ධන කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඉන්ධන හල්වෙත නොගොස් අතුරුදන්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් මීට පෙර ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පැලවත්ත සීනි සමාගම උග්‍ර මුල්‍ය අර්බුදයක..

බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සෙවනගල සීනි කම්හලේ අර්බුදය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන පුවත අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.