News Category
From Date
To Date
Maximum Number of Result

රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වූ යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් ද සමාව ඉල්ලා තිබේ.

අති තීව්‍ර ළමා මන්දපෝෂණ සහිත දරුවන් සිටින දිස්ත්‍රික් අතරට ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කද පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී තිබේ.

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පවසයි.

කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහ මාධ්‍ය, තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කළේය.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා අද (27) මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර නීතිවිරෝධී ලෙස ඔහුගේ ශුද්ධ වටිනාකම ඉහළ නැංවීම කර ඇති බව නිව්යෝර්ක් ප්‍රාන්ත සිවිල් අධිකරණයක් විසින් ඊයේ (26 ) සොයා ගත් බව විනිසුරු ආතර් එන්ගොරොන් හෙළි කළ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂිත තෝතැන්නක් ලෙස කැනඩාව සොයා ගෙන ඇති බවත් කැනඩා අගමැති වරයා කිසිදු සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


දේශීය පුවත්

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ගාමන්ට් අරිනවා වහනවා තමයි.. එකක් වහන එක මහ දෙයක් නෙමෙයි.. - ලක්මාලි

Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණයට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.

විගණකාධිපති ලෙස ජනපතිගේ හිතවතෙක් පත්කරන්න හැදුවේ අරගලයේදී අතුරුදන් වූ ඉන්ධන කන්ටේනර් ගැන හෙළිවෙයි කියන බයටද? - දයාසිරිගෙන් අනාවරණයක් (වීඩියෝ)

අරගල කාල සීමාවේදී තෙල් සංස්ථාවේ ඉන්ධන කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඉන්ධන හල්වෙත නොගොස් අතුරුදන්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් මීට පෙර ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පැලවත්ත සීනි සමාගම උග්‍ර මුල්‍ය අර්බුදයක..

බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සෙවනගල සීනි කම්හලේ අර්බුදය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන පුවත අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.