News Category
From Date
To Date
Maximum Number of Result

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ 2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙනු ඇති බවයි.

ගොවි ගැටලු සම්බන්ධව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනයේදී ඊයේ (20) පැවැත්වුණු ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ රැස්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ දේවානි ජයතිලක නිලධාරිනියට ගොවීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙරට භූමියෙන් වී වගාකළ හැකි බිම් සියයට 42ක් පමණ ඇති බවත්, නොයෙකුත් දුෂ්කරතා මැද රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවය සපුරන වී ගොවියාට ආණ්ඩුවෙන් නිසි මිලක් නොගෙවන තත්ත්වයක් නැවත ඇති වී තිබෙන බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.

ටෙලෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක කරුස්වාමීන් සුරේන්දිරන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, උතුරේ සිටින හමුදා පිරිස් අදියරෙන් අදිර අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සංවිධානයට පොරොන්දු වූ බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදුවී නොමැති බවයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා සඳහා ඊයේ(12) දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ.


දේශීය පුවත්

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

ගුවන් සමාගම් දෙකකින් වැඩගත් වසර 14ක් පැරණි ගුවන් යානයක් ශ‍්‍රී ලන්කන් බදු ගත්තේ ඇයි?..

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ඊයේ (ජූනි 04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.

පළාත් සභා මැතිවරණය කැඳවන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

වසර කිහිපයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පෞද්ගලික මන්ත්‍රී පනතක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

මහින්තලේ පාර්කින් කඩන්න ආ මාලිමා සභාපතිට මහින්තලා හිමි සද්දෙට කියා දෙති.. (වීඩියෝ)

මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයේදී පොසොන් උත්සව සමයේදී වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.