News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදුවී නොමැති බවයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා සඳහා ඊයේ(12) දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ.


දේශීය පුවත්

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.