News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු අවුලෙන් රෝහල් අර්බුදයක - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

Aug 2, 2025 at 10:26 PM
|

සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ මඟින් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තුවලදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලිව දක්වා තිබියදීත්, එම ක්‍රමවේද සහ නිර්ණායකයන් උල්ලංඝනය කිරීම නිසා  ගැටලු ඇතිවී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ස්ථාන මාරු ක්‍රමවේදයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ඇතැම් වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් ඉවත් වී යන ප්‍රවණතාවයක්ද මතු වී ඇති බව රම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ නිවේදනය පහළින්

මාධ්‍ය නිවේදනය

වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා  සහ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාව.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව සහ ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වින.

එහිදී වෛද්‍යවරුන්ට, වෛද්‍ය ක්ශේත්‍රයට සහ සෞඛ්‍ය සේවාවට බලපාන ප්‍රධාන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇති අනවශ්‍ය ගැටලුකාරී සහ ගැටුම්කාරී වාතාවරණය මෙහිදී විශේෂ අවධානයට ලක්විය. 

ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති සහ සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ මඟින් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තුවලදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලිව දක්වා තිබියදීත්, එම ක්‍රමවේද සහ නිර්ණායකයන් උල්ලංඝනය කිරීම නිසා මතු වී ඇති ගැටලු අවධානයට ලක්විය.

එහිදී,

2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09ක් ප්‍රමාද වීම

2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ, පුරප්පාඩු 78ක් අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස ඉවත් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් අසාධාරණයට ලක් වීම

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් සහ ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුවක් සකස්  කිරීම

විශේෂ අභියාචනා ස්ථාන මාරු මණ්ඩල නිසි වේලාවට නොපවැත්වීම නිසා වෛද්‍යවරුන් අසාධාරණයට ලක්වීම.

වෛද්‍යවරුන්ගේ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව අත්තනෝමතික ලෙස කප්පාදු කිරීම

වෛද්‍යවරුන්ගේ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුව වසර 1 ½ වැඩි කාලයක්  ප්‍රමාද කිරීම

පවතින පිළිගත් ක්‍රමවේද සහ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම සහ අසමත් ක්‍රියාකලාපය

යනාදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

ස්ථාන මාරු ක්‍රමවේදයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ඇතැම් වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් ඉවත් වී යන ප්‍රවණතාවයක්ද මතු වී ඇත.

මීට අමතරව වෛද්‍යවරුන් හට බලපාන සහ ඔවුන් රටතුල රදවාගැනීම සදහා බලපාන ආර්ථික ස්ථායිතාව, ප්‍රවාහන ගැටලු, පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු පුලුල් කිරීම,ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය යථාවත් කිරීම ඇතුලු  තවත් ගැටලු රැසක් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ දිනයේදී සාකච්ඡා කරන ලද අතර එම ගැටලු සදහා ලබාගන්න ඉදිරි පියවර සම්බන්ධ තීන්දු තීරණ ලබා ගැනුනි.

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය සාධනීය විසඳුම් ලබාදීමට මැදිහත් වන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ විය.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය ස්ථාපිත කරමින්, ඔවුන් රාජ්‍ය සේවය තුළ රඳවාගැනීම සඳහා කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට භාණ්ඩාගාරය සමග සාකච්ඡා කිරීම සදහා වාර්ථාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුලත් කමිටුවක් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පත්කරන ලදී.

පවතින නීති සහ පිළිගත් ක්‍රමවේද උල්ලංඝනය කරමින්, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ සමස්ත ස්ථාන මාරු ක්‍රමවේදය දැඩි වියවුලකට පත් කිරීමට හේතු වී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවටද පැමිණිලි කිරීමට නියමිතය.

ඉදිරි දින කිහිපය තුළදී ස්ථාන මාරු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා තම සාධනීය විසඳුම් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටින අතර, එම විසඳුම් ප්‍රකාශයට පත්වීම සහ ලබාදෙන විසඳුම් මත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් එළඹෙන අඟහරුවාදා දිනයේදී (05.08.2025) පැවැත්වීමට නියමිතය. 

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, රට පුරා අපගේ සියලුම ශාඛා සමිති රැස්වීම් සදුදා දිනයේදී (04.08.2025) පැවැත්වීමට නියමිත අතර, එම තීරණ සහ අදහස්, ඊට පසු දින පැවැත්වෙන හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇත.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය වනුයේ පිළිගත් ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ සාමූහික තීරණ ගැනීම වුවද, එම රාජ්‍ය ප්‍රතිපත්තිය පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන ඇතැම් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ අරමුණ  වනුයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය අප්‍රසාදයට සහ අපහසුතාවයට පත් කිරීමද යන සැකය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද මතු වී ඇත.

නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මක භාවයෙන් යුතුව රටපුරා සැපයීම වෙනුවෙන් වෛද්‍යවරුන් රාජ්‍ය සේවය තුළ රැකගනිමින් නිසි ලෙස ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා තම වගකීම ඉටුකරනුු ඇතැයි  අප බලාපොරොත්තු වන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය සාධනීය සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍යව නිලධාරීන්ගේ සංගමය සූදානම් බවද අවධාරණය කරමු.

ස්තූතියි.

මීට විශ්වාසී,

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,

ලේකම්. 

සම්බන්ධිත පුවත් | Related News

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.