ආණ්ඩුව අමෙරිකාව සමග ආරක්ෂක හොර ගිවිසුමකට සැරසේ.. වහාම හෙළිදරව් කරනු!.. - ජාතික සංවිධාන කියයි
ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ තීරු බදු අඩු කිරීමේ හිලව්වට ආණ්ඩුව අමෙරිකාව සමග වෙළෙඳ සහ ආරක්ෂක ගිවිසුමක් හොර රහසේ අත්සන් කිරීමට සැරසෙන බවය.
ඊට අදාළව සාක්ෂි මොනවාදැයි ප්‍රශ්න කිරීමේ දී ඔහු සඳහන් කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරුබදු සහන ලබාදීමට අදාළව නිකුත් කළ විධායක නියෝගයට අනුව ශ්‍රී ලංකාවට බදු සහනයක් ලබාදීමට එකඟවන්නේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ඊට අදාළව වෙළෙඳ සහ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට එකඟවීම නිසා බවය.
වසන්ත බණ්ඩාර මහතාට අනුව වෙළෙඳාම සමග ආරක්ෂක ගිවිසුමක් ගැටගසන්නේ බදු සහනය යොදා ගනිමින් අවසානයේ දී SOFA ගිවිසුමට අදාළ එකඟතාවය ලබා ගැනීම සඳහාය. වසන්ත බණ්ඩාර මහතාට අනුව SOFA ගිවිසුමට අදාළව 2016 දී ඉදිරිපත් කළ ඇමණුම B ලේඛනයට මාලිමා ආණ්ඩුව එකඟවුවහොත් අමෙරිකානු හමුදාවලට සහ එම හමුදාවලට සේවා සපයන සමාගම්වල නිලධාරීන්ට පූර්ව අවසර ගැනීමකින් තොරව ඕනෑම තොටුපොළකින් රට තුළට ඇතුළු විය හැක. ඊට අමතරව එම නිලධාරීන්ට නිල ඇඳුම් ඇතිව හෝ එසේ නොමැතිව රට තුළ මුහුදින්, අහසින් හෝ ගොඩබිමින් ගමන් කළ හැක. එසේම ඔවුන්ගේ වාහන හෝ ගමන්මළු පරීක්ෂා කළ නොහැකි අතර ඔවුන්ට රට තුළ ඕනෑම ස්ථානයක කඳවුරු බැඳිය හැක.
තවද ඔවුන් අපරාධ වරදක් සිදුකළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි අතර, ඒ පිළිබඳ අමෙරිකානු තානිපතිට දැනුම් දිය යුතුය.
එම තත්ත්වය තුළ ආණ්ඩුව වහාම තමා එකඟවූ වෙළෙඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට අදාළ කොන්දේසි වහාම හෙළිදරව් කළ යුතු බව ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..