ජ.වි.පෙ ලේ හලා උදුරාගත් රනිල්ගේ කඩුව හරිනිගෙ අතට - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ඓතිහාසික හෙළිදරව්වක් (වීඩියෝ)
ඕනෑම ප්‍රතිසංස්කරණයක් ආරම්භ කිරීමට පෙර එම ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ ඇයි දැයි අවබෝධයක් තිබිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සංවාදයක් රට තුළ ඇති කළ යුතු බවත්, ඕනෑම රටක යම් ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කිරීමේ දී මැදින් කඩාපැන එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරිපත් නොකරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කථිකාවතද එකවරම එළියට පැමිණ ඇති නමුත් මෙහි යටින් දිවෙන වෙනත් කාරණද ගොනුවී පවතින බවත් පවසන ඒ මහතා විෂය මාලා සංවර්ධනය කිරීමේ නාමයෙන් ඉතිහාසය විෂය ඉවත් කිරීම මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මූලික අරමුණක් බවත් සඳහන් කරයි.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරිය ලෙස අගමැති හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ කතා ඇසීමේ දී බලවත් සැකයක් පැනනගින බවත්, එහිදී සැබෑ ගැටලුවට පිළිතුරු සොයනවා වෙනුවට සිදුකරන්නේ වෙනත් දෙයක් බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් සිටි 2023 දී අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළියට දැමූ බවත්, එහි ඉතා භයානක කරුණු රැසක් අන්තර්ගතව තිබූ බවත් පවසන ඒ මහතා, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ද එම කරුණු අන්තර්ගතව ඇති බවත් පෙන්වා දෙයි.
1980 අධ්‍යාපන ඇමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ 1981 දී ගෙනා අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව සටන් කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට ලේ හලන්නට සිදුවූ බවත්, එයට එරෙහිව ක්‍රියාකළ නායකයන්ගේ උරුමයක් ඇති බව පවසන වර්තමාන බලයේ සිටින නායකයන්ම එම ධවල පත්‍රිකාවේ අඩංගු කරුණු හා සමාන කරුණු සහිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදුකිරීමට උත්සාහ දරන බවත් ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..