රුසියාවේ ඔරෙෂ්නික් මිසයිලයට මුහුණ දිය හැකි මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලෝකයේ නැහැ - පෙන්ටගනයේ හිටපු ආරක්ෂක විශ්ලේෂක.
රුසියාව විසින් අලුතින් භාවිතයට ගන්නා අතරමැදි දුර මිසයිලයක් වන ඔරෙෂ්නික් මිසයිල ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමට යුක්රේනයට හෝ එහි බටහිර ආධාරකරුවන්ට කිසිදු ක්‍රමයක් නොමැති බව පෙන්ටගනයේ හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන මයිකල් මැලූෆ් පසුගිය අගෝස්තු පළමු වනදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී RT පුවත් සේවය වෙත පැවසීය.
යුක්රේනය සමඟ පවතින යුද ගැටුම් ඇතුළුව ඕනෑම යුද ගැටුමකදී රුසියාව සතු ඔරෙෂ්නික් මිසයිලය “බල තුලනය අතිමහත් ලෙස රුසියාවට පක්ෂව පහසුවෙන් මාරු කළ හැකි” බව මැලූෆ් අවධාරණය කළේය.
“දැනට කිසිදු මිසයිල් ආරක්ෂණ පද්ධතියකට වැලැක්විය නොහැකි හයිපර්සොනික් මිසයිලයක් රුසියාව සතුව තිබීම ... පුදුම සහගතයි. එය යුද භූමියේ බල තුලනය නාටකාකාර ලෙස වෙනස් කරනවා. ඒ අනුව යුක්රේනියානුවන්ට ආරක්ෂාවක් නැහැ.” ඔහු පැවසීය.
හයිපර්සොනික් තර්ජනවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය THAAD වැනි මිසයිල ආරක්ෂක පද්ධති අනුවර්තනය කිරීමට කටයුතු කරන අතර, මෙම වැඩසටහන් තවමත් සංවර්ධනය වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. “මේ අවස්ථාවේ දී හයිපර්සොනික් මිසයිලයක් සමඟ කටයුතු කිරීමට යුක්රේන හමුදාවට හැකියාවක් නැහැ.” මැලූෆ් පැවසුවේ ඔරෙෂ්නික්ට මිනිත්තු කිහිපයක් ඇතුළත එහි ඉලක්ක කරා ළඟා විය හැකි බව පෙන්වා දෙමිනි.
මිසයිලය පැයට සැතපුම් 7,000 (කිලෝමීටර් 11,000) කට වඩා වේගයෙන් ගමන් කරන බව පැවසූ හිටපු විශ්ලේෂකයා "ඊට එරෙහිව ගත හැකි කිසිදු ආරක්ෂාක ක්‍රියා මාර්ගයක් යුක්රේන හමුදාවට නැහැ." ඔහු පැවසීය.
මැලූෆ් ප්‍රකාශ කළ පරිදි මිසයිල පද්ධතිය දැනටමත් යුක්රේනයේ යුධ පිටියේදී සැබෑ යුදමය තත්වයන් යටතේ සාර්ථකව අත්හදා බලා ඇත. ඔහු සඳහන් කළේ 2024 නොවැම්බර් මාසයේදී ඩිනෙපර් නගරයේ යුක්රේනයේ යුෂ්මාෂ් හමුදා කාර්මික ජනපදයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සඳහන් කරමිනි.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා සිටියේ මිසයිල ශිර්ෂය මැක් 10 ඉක්මවන වේගයකින් පියාසර කළ බවත් පවතින ගුවන් ආරක්ෂක මගින් ඒවා වළක්වා ගත නොහැකි බවත්ය. මිසයිලයට සාම්ප්‍රදායික සහ න්‍යෂ්ටික බර පැටවිය හැකි අතර කිලෝමීටර් දහස් ගණනක් දක්වා ගමන් කළ හැකිය.
පුටින්ට අනුව, යුක්රේනයට එල්ල වූ ඔරෙෂ්නික් ප්‍රහාරය රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බටහිර රටවල් විසින් සපයන ලද දිගු දුර මිසයිල භාවිතා කිරීමට එරෙහිව රුසියාව ගත් තීරණයට ප්‍රතිචාරයක් බවයි.
පසුගිය අගෝස්තු පළමු වනදා රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ නිෂ්පාදිත පළමු ඔරෙෂ්නික් මිසයිල පද්ධතිය රුසියානු සන්නද්ධ හමුදා භාවිතයට ගනිමින් සිටින බවයි. රුසියාවේ ප්‍රධාන සගයා වන බෙලරුසියාවට ආයුධ සැපයීමේ ප්‍රශ්නය වසර අවසන් වන විට විසඳෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
‘No defense against’ Russia’s Oreshnik missile – ex-Pentagon analyst
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්