ගැටුම 'තීරණාත්මක අවධියක'! යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීමට වැඩි උත්සාහයක් ගත යුතුයි!- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය ස්ථීර නියෝජිත
යුක්රේන අර්බුදය තීරණාත්මක අවධියක පවතින හෙයින් සියලු පාර්ශවයන් එකම අර්මුණකට යොමු වී වැඩි එකඟතාවයක් ගොඩනඟා ගත යුතු බවත් දේශපාලන විසඳුමක් සඳහා වැඩි උත්සාහයක් ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ (එජාස) චීනයේ නියෝජ්‍ය ස්ථිර නියෝජිත ගෙන්ග් ෂුවාං, පසුගිය අගෝස්තු පළමුවනදා යුක්රේන අර්බුදය පිළිබඳව රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පැවසීය.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූ තුන්වන අවස්ථාව මෙයයි.
ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් ජනතාවගේ මානුෂීය සහ ජීවනෝපාය අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු අතර සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතුයි. ඔවුන් ජාත්‍යන්තර මානුෂීය නීතියට දැඩි ලෙස අනුකූල විය යුතු බවත් සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට පහර දීමෙන් වැළකී සිටිය යුතු බවත් ගෙන්ග් ඉල්ලා සිටියේය.
ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් ප්‍රමාදයකින් තොරව යුධ පිටියේ උත්සන්න වීම අඩු කිරීමට කටයුතු කරමින් දේශපාලන කැමැත්ත සහ නම්‍යශීලීභාවය පෙන්විය යුතු බවත් අවධාරණය කළ ගෙන්ග් සාම සාකච්ඡාවල ගම්‍යතාව පවත්වා ගත යුතු ගනිමින් සංවාද සහ සාකච්ඡා හරහා පුළුල්, කල් පවතින සහ බැඳීම් සහිත සාම ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ යුතු බව පෙන්වා දුන්නේය.
සටන් විරාමයක් සඳහා ක්‍රියාකාරීව බලපෑම් කරමින් සාම සාකච්ඡා ප්‍රවර්ධනය කර හිතකර වාතාවරණයක් සහ සක්‍රීය කොන්දේසි නිර්මාණය කර අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ගෙන්ග් ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රමුඛ විශේෂයෙන් ප්‍රධාන කොටස්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය ජුලි 31 වනදා පැවති තවත් රැස්වීමකදී, එක්සත් ජනපද නියෝජිතයා චීනය රුසියාවේ යුද ප්‍රයත්නයන් සඳහා "වඩාත්ම වැදගත් සැපයුම්කරු" බවට චෝදනා කළ අතර චීනයට එරෙහිව එක්සත් ජනපදයෙන් එල්ල වන අසත්‍ය සහ අපහාසාත්මක ආඛ්‍යාන සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව ජෙන්ග් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..