"හැලොවීන්" ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වීමෙන් පසු වොෂින්ටන්යේ තරුණයන් ඉලක්ක කර ඇඳිරි නීතිය පනවයි
නව යොවුන් වියේ පසුවන්නන්ගේ කණ්ඩායම් සම්බන්ධ වූ හැලොවීන් රාත්‍රී ගැටුමකින් පසු වොෂින්ටන් නගරයේ බලධාරීන් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සඳහා රාත්‍රී පහක් පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත.
නව නියෝගය යටතේ, බාල වයස්කරුවන් ඊයේ(1) සිට 5 වනදා දක්වා රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා නිවෙස් වලට වී සිටිය යුතුය.
නගරාධිපති මියුරියෙල් බවුසර් පැවසුවේ මෙම පියවර හඳුන්වා දුන්නේ "තමන් සහ අන් අය අනතුරේ හෙළන සති කිහිපයක් තිස්සේ පැවැති බාල වයස්කාර දරුවන් අතර තිබෙන ප්‍රචන්ඩ හැසිරීම් වලට ප්‍රතිචාර වශයෙන්" බවයි.
නාවික හමුදා අංගනය, "යූ" වීදි කොරිඩෝව, බැනෙකර් විනෝදාස්වාද මධ්‍යස්ථානය සහ යුනියන් දුම්‍රිය නැවතුම අසල ප්‍රදේශය ඇතුළු ප්‍රධාන ප්‍රදේශවල විශේෂ බාල වයස්කාර ඇඳිරි නීති කලාප නිර්මාණය කරන බව පොලිස් ප්‍රධානී පැමෙලා ස්මිත් නිවේදනය කළේය.
නාවික හමුදා අංගනය අසල ප්‍රදේශයක තරුණයන අත්‍ර ඇති වූ සටනක් පාලනය කළ ජාතික ආරක්ෂක භටයින් මැදිහත් වූ ප්‍රසිද්ධියට පත් වූ වීඩියෝවක් සංසරණය වීමෙන් පසුව මෙම තීරණය ගන්නා ලදී.
පොලිස් වාර්තාවලට අනුව, හැලොවීන් රාත්‍රියේදී නාවික හමුදා අංගනය මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල තරුණයින් සිය ගණනක් රැස්ව සිටි අතර, එවිට "බොහෝ බාල වයස්කරුවන් ගැටුම් ඇතිකර ගැනීමට සහ ගමනාගමනයට බාධා කිරීමට පටන් ගත්හ." බලධාරීන් විසින් වයස අවුරුදු 14 ත් 18 ත් අතර පිරිමින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් එක් අයෙකු පිහියක් රැගෙන සිටියදී අත් අඩංගුවට ගන්නා ලදී.
“ඊයේ රාත්‍රියේ නාවික හමුදා අංගනයේ යෞවනයන් ප්‍රදර්ශනය කළ හැසිරීම පිළිගත නොහැකියි.” පොලිස් ප්‍රධානී පැමෙලා ස්මිත් ප්‍රකාශ කළේය. “මෙය නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ අද රාත්‍රියේ වැඩි වැඩියෙන් මැදිහත් වනු ඇත.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්