"හැලොවීන්" ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වීමෙන් පසු වොෂින්ටන්යේ තරුණයන් ඉලක්ක කර ඇඳිරි නීතිය පනවයි
නව යොවුන් වියේ පසුවන්නන්ගේ කණ්ඩායම් සම්බන්ධ වූ හැලොවීන් රාත්‍රී ගැටුමකින් පසු වොෂින්ටන් නගරයේ බලධාරීන් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සඳහා රාත්‍රී පහක් පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත.
නව නියෝගය යටතේ, බාල වයස්කරුවන් ඊයේ(1) සිට 5 වනදා දක්වා රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා නිවෙස් වලට වී සිටිය යුතුය.
නගරාධිපති මියුරියෙල් බවුසර් පැවසුවේ මෙම පියවර හඳුන්වා දුන්නේ "තමන් සහ අන් අය අනතුරේ හෙළන සති කිහිපයක් තිස්සේ පැවැති බාල වයස්කාර දරුවන් අතර තිබෙන ප්‍රචන්ඩ හැසිරීම් වලට ප්‍රතිචාර වශයෙන්" බවයි.
නාවික හමුදා අංගනය, "යූ" වීදි කොරිඩෝව, බැනෙකර් විනෝදාස්වාද මධ්‍යස්ථානය සහ යුනියන් දුම්‍රිය නැවතුම අසල ප්‍රදේශය ඇතුළු ප්‍රධාන ප්‍රදේශවල විශේෂ බාල වයස්කාර ඇඳිරි නීති කලාප නිර්මාණය කරන බව පොලිස් ප්‍රධානී පැමෙලා ස්මිත් නිවේදනය කළේය.
නාවික හමුදා අංගනය අසල ප්‍රදේශයක තරුණයන අත්‍ර ඇති වූ සටනක් පාලනය කළ ජාතික ආරක්ෂක භටයින් මැදිහත් වූ ප්‍රසිද්ධියට පත් වූ වීඩියෝවක් සංසරණය වීමෙන් පසුව මෙම තීරණය ගන්නා ලදී.
පොලිස් වාර්තාවලට අනුව, හැලොවීන් රාත්‍රියේදී නාවික හමුදා අංගනය මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල තරුණයින් සිය ගණනක් රැස්ව සිටි අතර, එවිට "බොහෝ බාල වයස්කරුවන් ගැටුම් ඇතිකර ගැනීමට සහ ගමනාගමනයට බාධා කිරීමට පටන් ගත්හ." බලධාරීන් විසින් වයස අවුරුදු 14 ත් 18 ත් අතර පිරිමින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් එක් අයෙකු පිහියක් රැගෙන සිටියදී අත් අඩංගුවට ගන්නා ලදී.
“ඊයේ රාත්‍රියේ නාවික හමුදා අංගනයේ යෞවනයන් ප්‍රදර්ශනය කළ හැසිරීම පිළිගත නොහැකියි.” පොලිස් ප්‍රධානී පැමෙලා ස්මිත් ප්‍රකාශ කළේය. “මෙය නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ අද රාත්‍රියේ වැඩි වැඩියෙන් මැදිහත් වනු ඇත.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..