අධිකරණ සේවයේ 20ක් රාජකාරිවලින් ඉවතට..
අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් 20 දෙනෙකු සිය රාජකාරීවලින් ඉවත්කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එලෙස රාජකාරි වලින් ඉවත්කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් වන බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
රාජකාරී වලින් ඉවත්කළ 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති බවත් අනෙක් අය වැඩ තහනම් කර හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රාජකාරියෙන් ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ පරීක්ෂණයකට මුහුණ දී සිටින බවද ආරංචි මාර්ග පැවැසුවේය.
අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරු මෙම පිරිස රාජකාරී වලින් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එල්ල වූ චෝදනාවලට වරදකරු වූවන් විශ්‍රාම ගන්නා වයස ආසන්නයේ සිටී නම් ඔවුන්ට විශ්‍රාම ගැනීමේ විකල්පය ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කළ බවද ආරංචි මාර්ග පැවැසුවේය.
දූෂණ වැනි බරපතල චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාර දී පරීක්ෂණ පවත්වා තිබෙන බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පරීක්ෂණයකින් පසුව චෝදනාවලට වරදකරු වන්නන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් රාජකාරියෙන් ඉවත් කරනු ලැබ තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..