කඩවර වැව ආශ්‍රිත දෙමලිය - කුඩාඔය අලි නිජබිමේ වනාන්තර අක්කර 250 ක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි කෘෂි ව්‍යාපාරිකයන් අතර බෙදා දීමට සූදානම් වන බවත්, මෙම රජයේ වනාන්තර ඉඩම් බෙදා දීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් නිර්මාණය කරමින් මන්ත්‍රිවරිය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ පසුගිය ආණ්ඩු පැවති සමයේ දී ප්‍රදේශයේ දේශපාලඥයන් විසින් ක්‍රියාත්මක කළ ඉඩම් කොල්ලයම වීම කනගාටුවට කරුණක් බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසයි.
වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට යාබදව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය විසින් බලංගොඩ කස්සප හිමිපාණන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ සිව් නමකට හා ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව ත්‍රිකුණාමලය පොලිසිය මගින් ගොනුකර ඇති පැමිණිලි ඉදිරියට පවත්වාගෙන යෑම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නේ ද නැති ද යන නියෝගය ලබන 30 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (22දා) පස්වරුවේ දින නියම කළේය.
අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල පළමු කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රථම පුහුණු වැඩසටහන සහ ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (22) පැවැත් වුණු අතර, එහිදී නීතිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන කතා පිළිබඳව මාධ්‍යවේදින් ප්‍රශ්න කර සිටියේය.
දේශීය පුවත්
මාලිමාවේ පා.ම. චන්දන සූරියආරච්චි අත්අඩංගුවට..
තොරතුරු පිටට දෙන්න එපා කියලා රජයේ සේවකයින්ට තග දානවා.. අනුරාධපුරයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යවපු ලිපියක් ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..
කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..
තුන්හුලස් නාලිකාවකුයි, ටින් එකක් වගේ නාලිකාවකුයි තියෙනවා මේ දවස්වල පෙන්නන්නෙම ජාත්‍යන්තර පුවත් විතරයි.. කොවිඩ් කාලෙ පෙන්නුවෙම පෝලිම් ප්‍රවෘති විතරයි.. - විමල්
මේ සිංහල රටේ වීරයෝ හදන්නේ උඹල නෙවෙයි අපි.. යටි උගුල් අටවන පරයන්ට කියන්නේ සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුවාට වීරයෝ මරන්න බෑ.. - ඥානසාර හිමිවෙනුවෙන් පෙළගැසුනු හිමිවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
පොලිස් ප්‍රධානීන් පත්කිරීම් සම්බන්ධයෙන් ඇමති ආනන්දට චාමරගෙන් දැඩි ප්‍රහාරයක්..
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම ගැන ඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක්..