යුද්ධය නිම කිරීමට ඉරානයෙන් කොන්දේසි හයක්!
ඉරානය එක්සත් ජනපදයට සහ ඊශ්‍රායල් සියොන්වාදී පාලන තන්ත්‍රයට එරෙහි යුද මෙහෙයුම් නැවැත්වීම සඳහා උපායමාර්ගික කොන්දේසි හයක් ඉදිරිපත් කර ඇති බව ඉරාන ආරක්ෂක හමුදාවේ ඉහළ ආරක්ෂක නිලධාරියෙක් අල් මයාඩීන් පුවත් සේවය වෙත පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සැලැස්ම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි බව පෙන්වා දුන් අතර යුධ පිටියේ වත්මන් වර්ධනීය තත්වයන් හේතුවෙන් සටන් විරාමය නුදුරේ සිදුවන බවට අපේක්ෂාවක් නොමැති බවත් පැවසීය.
ඉරාන ඉස්ලාමීය ජනරජය මාස කිහිපයකට පෙර සංවර්ධනය කරන ලද පූර්ව සැලසුම් කළ උපාය මාර්ගය ක්‍රියාත්මක කරමින් එය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන බව ඉරාන ආරක්ෂක-දේශපාලන නිලධාරියා පැවසීය.
සතුරාගේ ගුවන් ආරක්ෂක යටිතල පහසුකම් විනාශ කිරීමෙන් පසුව, ඉරානය මේ වන විට සතුරු ඊශ්‍රායලයේ ගුවන් අවකාශයේ සම්පූර්ණ පාලනය දරන බව ඔහු ප්‍රකාශ කළේය.
ඉරානය අත්පත් කර ගෙන ඇති මෙම මිලිටරි ස්ථාවරය අනුව, සටන් විරාමයක් සඳහා ක්ෂණික අපේක්ෂාවක් ඉරානය නොදකින බව නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණයට සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට "ඓතිහාසික පාඩමක්" ලබා දෙන තුරු ඉරානය ආක්‍රමණිකයාට දඬුවම් කිරීමේ ප්‍රතිපත්තියක් දිගටම අනුගමනය කරන බවද ඔහු අවධාරණය කළේය.
යුද්ධය නැවැත්වීම සඳහා කලාපීය බලවත් පාර්ශව සහ මැදිහත්කරුවන් ටෙහෙරානයට යෝජනා ඉදිරිපත් කර ඇති නමුත් ඉරානය අනෙක් අතට "බැරෑරුම් ලෙස සැලකිය යුතු" කොන්දේසි නියම කර ඇති බව ඔහු පැවසීය.
නව නෛතික-උපායමාර්ගික රාමුව තුළ යුද්ධය නැවැත්වීම සඳහා ඉරානයේ මූලික ඉල්ලීම් හය නිලධාරියා විසින් ගෙනහැර දැක්වීය. ඒවා නම්, 1. යුද්ධය නැවත ඇති නොවීම සහතික කිරීම 2. කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරු වසා දැමීම 3. ආක්‍රමණ මැඩපැවැත්වීම සහ ඉරානයට වන්දි ගෙවීම 4. සියලුම කලාපීය පෙරමුණු වල යුද්ධය අවසන් කිරීම 5. හෝමූස් සමුද්‍ර සන්ධිය සඳහා නව නීතිමය තන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සහ
6. ඉරාන විරෝධී මාධ්‍ය ක්‍රියාකාරීන්ට නඩු පැවරීම සහ පිටුවහල් කිරීම. යන සය වැදෑරුම් යෝජනා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්