News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 'සුබ ආරංචිය' අලෙවිකරණ පණිවිඩක් ලෙසින් ඉදිරියට ගෙන එන්නේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් බවත්, නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

හෙට (16) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කර තිබේ.

ජාත්‍යන්තරය තුළ ලංකාවට එරෙහිව යම් යම් බලවේග ක්‍රියාත්මක වන අවස්ථාවලදී ලංකාව තුළ සිට එම බලවේගවලට එරෙහිව මුහුණදීමේ හැකියාවක් නොමැති බවත්, එනිසා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස වසර ගණනාවක සිට ජාත්‍යන්තරයේ සිටිමින් කටයුතු කරන බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ එක්සත් රාජධානියේ ශාඛා සභාපති ජෙයරාජ් පළිහවඩන මහතා පවසයි.

ජනමත විචාරණයක් පවත්වා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කරගන්නාතුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී සලකා බැලීම සඳහා කැඳවීමට නියමිත අතර එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන්නේද නැතිද යන ශ්‍රේෂ්ඨාධිකරණය අද (15දා) ලබාදෙනු ලබන තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම තීරණය කෙරෙනු ඇත.

බලය දෙන විට බලය නොගන්නේ නම් ඔහු UNP කාරයෙක් නොවන බවත්, තමන් රට භාරගත්තේ අමාරු කාලයේ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අලවා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීම මේ මස අවසන් සතියේ සිදුකිරීමට බොහෝදුරට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

ඊයේ(13) අමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ බට්ලර් නගර්යේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කණේ ලේ පැල්ලම් පෙන්නුම් කරන ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් පවතී. ට්‍රම්ප්ට්ගේ ආරක්ෂක නිලධාරීන් ඔහුව ඉක්මනින් වේදිකාවෙන් බිමට බස්සවා ගෙන ගොස් ඇති බවද එම වාර්තා පවසයි.


දේශීය පුවත්

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට ඉන්දියාවෙන් තවත් මිලියන 300ක්

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට සහාය වීම සඳහා තවත් වසරක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

දොස්තර සාෆි ඇත්තටම නිදහස් ද ? තිබ්බේ නඩුවක්ද ? විමර්ශනයක්ද ?,

දොස්තර සාෆි ඇත්තටම නිදහස් ද ? සාෆි නිදහස්ද ?, තිබ්බේ නඩුවක්ද ? විමර්ශනයක්ද ?, මේ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක වෙමින් කාලීන සමාජ, ආර්ථික හා දේශපාලන සංසිද්ධීන් පිළිබඳ විශ්ලේෂක නීතිඥ චානක අබේවික්‍රමගේ මහතා පවසන්නේ සාෆිට විරුද්ධව පැවතියේ නඩුවක් නොව විමර්ශනයක් බවත්ය.

ජනපති ව්‍යවස්ථා සභාවට යැවූ විනිසුරු නමක් ඉවත් කර ගනී..

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වූ විනිසුරු ධූරයක් සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර් මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යෝජනා කර තිබිණි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.