අමෙරිකානු ගුවන්යානා වලට මත්තලට එන්න ජනපතිගෙන් අවසර ගන්න අවශ්‍ය නැත - ජාතික සංවිධාන කියයි
අමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළට ගොඩබෑම සඳහා වන ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"වර්තමාන ජනාධිපතිවරයාගේ ආශිර්වාදය සහිතව 2015 දී බලයට පත්වූ ඊනියා යහපාලන ආණ්ඩුව ඒ වන විට ACSA නමින් අමෙරිකාව සමග අත්සන්කර තිබූ අමෙරිකානු ආරක්ෂක හමුදාවලට සේවා ලබාදීම සඳහා ගිවිසුම ඉතා විස්තීර්ණ ගිවිසුමක් ලෙස 2016 දී දීර්ඝ කරනු ලැබුවා. ඊට අනුව අමෙරිකානු ගුවන් හෝ නාවික යාත්‍රාවලට ශ්‍රී ලංකාවේ කුමන හෝ ගුවන් තොටුපොළක සේවා ලබාගැනීම සඳහා පූර්ව අවසරයක් අවශ්‍ය වන්නේ නැත. එහිදී අවශ්‍ය වන්නේ අදාළ පරිපාලන කටයුතු සඳහා දැනුම්දීම සහ විස්තර ලබාදීම පමණි. ඊට අමතරව වර්තමාන ආණ්ඩුව විසින් අත්සන් කළ "මොන්ටානා" ආරක්ෂක ගිවිසුම මගින් අමෙරිකානු යාත්‍රාවලට ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ සහ ගුවන් කලාපයේ ආවේක්ෂණ කටයුතු වල නිරතවීමට ද අවකාශය ලැබී තිබෙනවා.
ජනාධිපතිවරයා අතිශයෝතියෙන් එවැනි ප්‍රකාශයක් කරනු ලබන්නේ ඉරාන නාවික යාත්‍රාවට පහරදීමට ඉඩ සැලසීම සහ ඊට අදාළව පියවර ගැනීමට අසමත්වීම පිළිබඳ වරද වසා ගැනීමට විය හැකියි. ඊට අමතරව නුදුරු දිනෙක SOFA ගිවිසුමේ අමුණුම බී ලේඛනයට එකඟතාව පළ කිරීමේ බරපතළ වරද පිළිබඳව මහජනයා නොමග යැවීමට ද විය හැකියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති