News Category
From Date
To Date
Maximum Number of Result

අද රටේ කඳවුරු දෙකක් ඇති බවත්, එක කඳවුරක් දක්ෂිණාංශික ලිබරල්වාදී කඳවුර බවත් එයට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවත් එම ප්‍රතිපත්තිම තමනුත් පිළිගන්නවා කියමින් කටයුතු කරන සමගි ජනබලවේගය එයට අයත් බවත්, එම කඳවුර විසින් ගෙන එනු ලබන්නේ සමාජය බිඳදමන අනපනත් බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් වසර දෙකකට කල් දැමීම සදහා ඉදිරිපත් කරන යෝජනාව ඔක්තෝම්බර් මාසයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිධූරයේ තවදුරටත් රදවා ගැනීමට පාලිත රංගේ බණ්ඩාර මහතා දකින සිහිනයක් පමණක්ම වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අධිකරණ බලය ගමේ ජනතාව දක්වාම ගමන් කළ යුතු බවට තමන් දරන ස්ථාවරයේ වෙනසක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය ඉදිරියේ දී පැමිණෙන හෙයින් ජාතික සංවිධානවලට විශාල අභියෝගයක් ඇති බවත්, ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු මෙරට ජනතාවගේ නළලේ කොටා ඇති ඉරණම වෙනස් කිරීම වෙනුවෙන් කිසිවක් කතාකර නැති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

වෛද්‍ය සාෆි මහතාගේ මාධ්‍ය සංදර්ශන පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලද අතර, මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ජාතික සංවිධාන ලෙස මේ රටේ දේශපාලනය තුළ විවිධ දේශපාලන නායකයන්, විවිධ දේශපාලන පක්ෂ හා විවිධ කණ්ඩායම් සමග දීර්ඝ කාලයක සිට වැඩකර ඇති බවත්, එම සෑම අවස්ථාවක දීම ජාතික සංවිධානවලට තිබුනේ එකම අරමුණක් බවත්, ඒ මේ රට ආරක්ෂා කරගත යුතුය යන අරමුණ බවත් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

2024 මැයි මස 16 වන දින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ප්‍රකාශයට පත්කරන ලද ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ගොන්නට කියුබානු රාජ්‍යයද ඇතුළත් කර ඇති බවත්, කිසිඳු විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හුදු පවිටු උවමනාව මත මෙය සිදුකර ඇති බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව විසින් මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මැතිණියට ලිපියක් යොමුකර තිබේ.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යායපත්‍රයක්) සම්මුතිය අත්සන් තැබීම ඉකුත් 27 වන දා දින ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සිදුවිය.

සමගි ජන බලවේගයේ හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් හමුවේ දේශපාලන පක්ෂ දෙකක් ඉවත්ව යාමට කල් බලමින් සිටින බව වාර්තා වේ.


දේශීය පුවත්

මර්වින් මැයි 5 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් - වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක්

අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් 2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ මිනීමැරුමක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පෙන්වීමට රජය උත්සාහ කරනවා... විපක්ෂයෙන් චෝදනා

පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.

චාමර මැයි 6 දක්වා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මැයි 5 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෛත්‍රී CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

වැදූ මවත් උපන් බිමත් රනින් බැබළවූ තරුෂිගේ අම්මා ගුවන් තොටට යන්නේ ණයට සල්ලි ඉල්ලගෙන

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) අලුයම යළි දිවයිනට පැමිණියා.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.