ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂණ පද්ධතිය දුර්වල බව සනාථ කළ ඉරාන ප්‍රහාර ගැටුම නව මානයකට තල්ලු කරනු ලබනවා- ලෙබනන් ඇමරිකානු විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ඉමාඩ් සලාමේ
මාර්තු 21 වන දින ඉරානය ඊශ්‍රායලයේ ඩිමෝනා සහ අරද් නගරවලට එල්ල කළ මිසයිල් ප්‍රහාරයෙන්, THAAD සහ Iron Dome වැනි ගුවන් ආරක්ෂක පද්ධති ඉතා ඉහළ නිරවද්‍යතාවයෙන් යුතු නමුත් ඒවා තවමත් විවිධ දිශාවන්ගෙන් පැමිණෙන ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර වලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට අපහසු බව සනාථ කළ බව ලෙබනන් ඇමරිකානු විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ඉමාඩ් සලාමේ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.
"මෙම ප්‍රහාරය මගින් නිරාවරණය වන අවදානම තනි පද්ධති අසාර්ථකත්වයක් පමණක් නොව, මිසයිල් ප්‍රහාර එල්ල වන පරිමාණය, ප්‍රහාර අතර සම්බන්ධීකරණය සහ සියළු පැති වලින් පැමිණෙන මිශ්‍ර ප්‍රහාර වලට මුහුණ දීමට දියුණු ආරක්ෂක පද්ධතිවල සීමාවන් පවා අනාවරණය වනවා.” ඊශ්‍රායලයේ ඩිමෝනා සහ අරද් කඳවුරු වලට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් පසුව ඔහු මෙලෙස පැහැදිලි කළේය.
එක්සත් ජනපද මිසයිල ආරක්ෂක අසාර්ථකත්වයේ පිරිවැය
එක්සත් ජනපද මිසයිල ආරක්ෂණ පද්ධති වල නිරාවරණය වූ දුර්වලතාවය මැද පෙරදිග කලාපය සඳහා සැලකිය යුතු උපායමාර්ගික දුර්වලතා ඇති බව සලාමේ සඳහන් කරයි. මන්ද යත් ඔහුගේ විග්‍රහයට අනුව එවැනි ආයුධ කලාපය පුරා එක්සත් ජනපද වත්කම් ආරක්ෂා කිරීම සඳහා බහුලව භාවිතා වේ.
ඉරානය, ඊශ්‍රායල ගුවන් අවකාශය පාලනය කිරීමෙන් ඇමරිකාව අදහස් කළ හැකි දේ අතර ඇමරිකාවට විරුද්ධ පාර්ශව මිසයිල් සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීමෙන් තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටින සතුරන්ටත් අඩු වියදමින් සටන් කළ හැකි බව අවබෝධ කරගෙන තිබෙන බව අවධාරණය කර හැකි බව ඔහු පැවසුවේය.
එමඟින්, ඇමරිකාවට තම හමුදා සැලැස්ම නැවත සලකා බැලීමටත්, වඩා සම්බන්ධිත ආරක්ෂණ පද්ධතිවලට වැඩි මුදල් යොදවීමටත් සිදුවිය හැකිය.
ඉරානය, ඊශ්‍රායලයේ ආර්ථික සහ යුදමය මර්මස්ථාන වෙත නැවත නැවතත් පහර දිය හැකි බව පෙන්නුම් කළහොත්, එය මෙම ගැටුමේ ගතිකත්වය වෙනස් කරනු ඇතැයි සලාමි තවදුරටත් පවසයි. මේ අනුව ඊශ්‍රායලය මත ඉහළ පිරිවැයක් පැටවීමෙන් සහ එහි “ක්‍රියාකාරීත්වයේ නිදහස” සංකීර්ණ කිරීමෙන්, ඉරානය ගැටුම උත්සන්න කිරීම හෝ “වක්‍ර සාකච්ඡා කරා තල්ලු කළ හැකිය, මන්ද දෙපාර්ශ්වයම අඛණ්ඩ ප්‍රහාරවල ඉහළ යන අවදානම් සහ අඩුවන ප්‍රතිලාභ කිරා මැන බලන බැවිනි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්