බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්..
ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වනවිට පවතින බස් ගාස්තුවට සියයට 10කට වඩා වැඩි අගයකින් බලපා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර ඇත්තේ ඒ අනුව නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හෙට (23) දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවය.
වර්තමානයේ ක්‍රියාත්මක වන පසුගිය වසරේ ජූලි මස 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද බස් ගාස්තුව වන අතර එය ගණනය කිරීමේදී එම මාසයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවැති බවත් ඒ අනුව එම මිලට ගලපා බස් ගාස්තුව ප්‍රකාශට පත් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබේ.
නමුත් ඊයේ දින සිදුවූ ඉන්ධන මිල වැඩිවීමත් සමග රුපියල් 303 සිට 382 දක්වා ඩීසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇති බවත් එය රුපියල් 79කින් වැඩිවී ඇති බවත් මෙම කාල සීමාව තුළ ලංකා සුදු ඩීසල් මිලෙහි සමස්ත වැඩිවීම රුපියල් 93ක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත.
ඒ අනුව එය බස්ගාස්තු සූත්‍රයට ගැලපූ විට සියයට 10කට වඩා වැඩි අගයකික් බස් ගාස්තු වැඩි වීමට මෙය බලපා ඇති බවත් මේ හේතුවෙන් නව බස්ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා යොමු කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..